Surah Yusuf Verse 77 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusuf۞قَالُوٓاْ إِن يَسۡرِقۡ فَقَدۡ سَرَقَ أَخٞ لَّهُۥ مِن قَبۡلُۚ فَأَسَرَّهَا يُوسُفُ فِي نَفۡسِهِۦ وَلَمۡ يُبۡدِهَا لَهُمۡۚ قَالَ أَنتُمۡ شَرّٞ مَّكَانٗاۖ وَٱللَّهُ أَعۡلَمُ بِمَا تَصِفُونَ
(බුන්යාමීන්ගේ පොදියෙහි මිනුම් බඳුන සොයා ගත් යූසූෆ්ගේ අනිත් සහෝදරවරුන්) “ඔහු (එය) සොරකම් කර තිබුණේ නම්, ඔහුගේ සහෝදර (යුසුෆ්ද) මෙයට පෙර නියත වශයෙන්ම සොරකම් කර ඇත්තෙහිය” යය ි (හීබ්රූ භාෂාවෙන් තමන් තුළ) පවසා ගත්හ. (මෙයට සවන් දුන් හීබ්රූ භාෂාව දත්) යුසුෆ්, (එහි ඇත්ත) ඔවුන්ට එළිදරව් නොකර එය තම මනසෙහි තබාගෙන, “ඔබලා ඉතාමත් නපුරු අයයි. (ඔහුගේ සහෝදරයා සොරකම් කළේය යයි) ඔබ පවසනවා නොවෙද? එය අල්ලාහ් හොඳින් දන්නෙහිය” යයි පැවසුවේය