Surah Yusuf Verse 80 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufفَلَمَّا ٱسۡتَيۡـَٔسُواْ مِنۡهُ خَلَصُواْ نَجِيّٗاۖ قَالَ كَبِيرُهُمۡ أَلَمۡ تَعۡلَمُوٓاْ أَنَّ أَبَاكُمۡ قَدۡ أَخَذَ عَلَيۡكُم مَّوۡثِقٗا مِّنَ ٱللَّهِ وَمِن قَبۡلُ مَا فَرَّطتُمۡ فِي يُوسُفَۖ فَلَنۡ أَبۡرَحَ ٱلۡأَرۡضَ حَتَّىٰ يَأۡذَنَ لِيٓ أَبِيٓ أَوۡ يَحۡكُمَ ٱللَّهُ لِيۖ وَهُوَ خَيۡرُ ٱلۡحَٰكِمِينَ
ඔහු වෙත ඔවුන්ගේ විශ්වාසය බිඳී ගිය වහාම, ඔවුන් (තමන් තුළ) තනි වී සාකච්ඡා කළහ. ඔවුන්ගෙන් වැඩි මහල්ලා (අනිත් අයට) “ඔබගේ පියා ඔබ වෙත අල්ලාහ් මත ස්ථීර වූ දිව්රුම ලබා දී තිබීම, ඔබ නොදන්නෙහුද? මෙයට පෙර ඔබ යුසුෆ්ගේ කාරණාවෙහි කළ ද්‍රෝහිකමද එක් අතකින් ඇත්තේය. එබැවින් මගේ පියා මා හට යම්කිසි අනුමැතියක් ලබා දෙන තුරු හෝ නැතහොත් අල්ලාහ් මා හට යම්කිසි තීන්දුවක් දෙන තුරු හෝ මෙතැනින් මා නොසෙළවෙන්නෙමි. විනිශ්චය දීමෙහි ඔහුම ඉතාමත් උසස්ය” යයි පැවසුවේය