Surah Yusuf Verse 88 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Yusufفَلَمَّا دَخَلُواْ عَلَيۡهِ قَالُواْ يَـٰٓأَيُّهَا ٱلۡعَزِيزُ مَسَّنَا وَأَهۡلَنَا ٱلضُّرُّ وَجِئۡنَا بِبِضَٰعَةٖ مُّزۡجَىٰةٖ فَأَوۡفِ لَنَا ٱلۡكَيۡلَ وَتَصَدَّقۡ عَلَيۡنَآۖ إِنَّ ٱللَّهَ يَجۡزِي ٱلۡمُتَصَدِّقِينَ
පසුව මොවුන් (ඊජිප්තුවට පැමිණ) යූසුෆ් වෙත ගොස් ඔහුට “(මිසරයේ අධිපති වන) අසීස් තුමණි! අපවද, අපගේ පවුලද (නියඟයේ) බලපෑම දැඩි ලෙස අල්ලා ගෙන ඇත්තේය. (අප වෙතින්) සුළු භාණ්ඩ ප්‍රමාණයක්ම අපි ගෙනැවිත් සිටින්නෙමු. (එය එතරම් ගණනයකට නොගෙන) අපට අවශ්‍ය (ධාන්‍ය ප්‍රමාණය) පූරණ වශයෙන් මැන දී (ඊටත් වැඩියෙන්ද) අපට දානමාන වශයෙන්ද ලබා දෙනු මැනව! නියත වශයෙන්ම අල්ලාහ් දානමාන කරන්නන්ට (හොඳ) ඵලවිපාක දෙනු ඇත” යයි පැවසූහ