Surah Ar-Rad Verse 16 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radقُلۡ مَن رَّبُّ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ قُلِ ٱللَّهُۚ قُلۡ أَفَٱتَّخَذۡتُم مِّن دُونِهِۦٓ أَوۡلِيَآءَ لَا يَمۡلِكُونَ لِأَنفُسِهِمۡ نَفۡعٗا وَلَا ضَرّٗاۚ قُلۡ هَلۡ يَسۡتَوِي ٱلۡأَعۡمَىٰ وَٱلۡبَصِيرُ أَمۡ هَلۡ تَسۡتَوِي ٱلظُّلُمَٰتُ وَٱلنُّورُۗ أَمۡ جَعَلُواْ لِلَّهِ شُرَكَآءَ خَلَقُواْ كَخَلۡقِهِۦ فَتَشَٰبَهَ ٱلۡخَلۡقُ عَلَيۡهِمۡۚ قُلِ ٱللَّهُ خَٰلِقُ كُلِّ شَيۡءٖ وَهُوَ ٱلۡوَٰحِدُ ٱلۡقَهَّـٰرُ
(නබියේ! ඔවුන්ට) “අහස්ද, භූමියද උත්පාදනය කර පරිපාලනය කරන්නා කවරෙක්ද?”යි ඔබ විමසනු. (එයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද?) ඔබම (ඔවුන්ට) “අල්ලාහ්ය” යයි පවසනු. (එසේ තිබියදී) “ඔහුව හැර (ව්‍යාජ දෙවිවිරුන්ව) ආරක්ෂකයින් වශයෙන් ඔබ ඇර ගන්නෙහුද? ඒවා තමන්ටම කිසිම හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නොමැත්තන් වශයෙන් සිටින්නාහ” යයිද පවසනු. (පසුව ඔවුන්ට) “අන්ධයින්ද, ඇස් පෙණෙන්නන්ද සමාන වන්නෙහුද? නැතහොත් අන්ධකාරයද ආලෝකයද සම වන්නේද?”යි විමසනු. නැතහොත් “ඔවුන් අල්ලාහ්ට සමානයන් කරමින් සිටින දෙවිවරුන් ඔහු උත්පාදනය කර ඇති දැය මෙන් දැයක් උත්පාදනය කර ඇත්තෙහුද?” (යයිද විමසනු මැනව!) එසේ නම්, (මෙලොව) උත්පාදනය කළ අය (කවුරුන්ද යන්න) ඔවුන් අතරේ සැක ඇති වී තිඛෙන්නට ඉඩ ඇත. (එසේද, නැත නොවෙද! එබැවින් ඔවුන්ගෙන්) ඔබ මෙසේ විමසනු: “(මෙලොවෙහි ඇති) සෑම දැයක්ම උත්පාදනය කළ අය අල්ලාහ්ය. ඔහු එක් කෙනෙකි! (ඔහුට සමානයක් හෝ සහායයෙක් හෝ නැත). ඔහුම (ලොවෙහි ඇති සියල්ල) යටහත් පහත් කර පාලනය කරන්නාය”