Surah Ar-Rad Verse 31 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَلَوۡ أَنَّ قُرۡءَانٗا سُيِّرَتۡ بِهِ ٱلۡجِبَالُ أَوۡ قُطِّعَتۡ بِهِ ٱلۡأَرۡضُ أَوۡ كُلِّمَ بِهِ ٱلۡمَوۡتَىٰۗ بَل لِّلَّهِ ٱلۡأَمۡرُ جَمِيعًاۗ أَفَلَمۡ يَاْيۡـَٔسِ ٱلَّذِينَ ءَامَنُوٓاْ أَن لَّوۡ يَشَآءُ ٱللَّهُ لَهَدَى ٱلنَّاسَ جَمِيعٗاۗ وَلَا يَزَالُ ٱلَّذِينَ كَفَرُواْ تُصِيبُهُم بِمَا صَنَعُواْ قَارِعَةٌ أَوۡ تَحُلُّ قَرِيبٗا مِّن دَارِهِمۡ حَتَّىٰ يَأۡتِيَ وَعۡدُ ٱللَّهِۚ إِنَّ ٱللَّهَ لَا يُخۡلِفُ ٱلۡمِيعَادَ
(නබියේ! අපි මොවුන්ට මෙය හැර වෙන) යම්කිසි කුර්ආනයක් පහළ කර, එමගින් කඳු සෙළවීමට හෝ නැතහොත් එමගින් භූමිය කෑලි කෑලිවලට කැඩී යාමට හෝ නැතහොත් මිය ගිය අයව කතා කිරීමට සලස්වා හෝ තිබුණා වුවද, (මොවුන් විශ්වාස කරන්නේම නැත). එහෙත් සියලූ කාරණාවන් අල්ලාහ්ටම අයිතිය! එබැවි අල්ලාහ් අදහස් කර තිබුනේ නම්, මිනිසුන් සියල්ලන්වම ඍජු මාර්ගයෙහි ඇතුළු කිරීමට ඉඩ තිබුණි යන්න ගැන විශ්වාසවන්තයින් සෑහීමට පත් වුයේ නැද්ද? ප්‍රතික්ෂේප කරන්නන්ව ඔවුන්ගේ (නපුරු) කාරණාවන්ගේ හේතුවෙන් (ඔවුන් තිගැස්සෙන සුළු) යම්කිසි (වේදනා ගෙන දෙන) සිදුවීමක් ඔවුන් වෙත අනිවායදැයෙන්ම පැමිණ සේන්දු වනු ඇත. නැතහොත් ඔවුන්ගේ වාසස්ථානය සමීපයෙහි හෝ (එවැනි සිදුවීම්) සිදු වෙමින්ම පැවතෙමින් තිබියදී (‘ඔබ ජයග්‍රහණය කරන්නෙහුය’ යයි ඔබට කියනු ලැබූ) අල්ලාහ්ගේ පොරොන්දුව අනිවායදැයෙන්ම ඉටු වනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් (තමන්ගේ) පොරොන්දුවෙහි වැරද යන්නේ නැත