Surah Ar-Rad Verse 33 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radأَفَمَنۡ هُوَ قَآئِمٌ عَلَىٰ كُلِّ نَفۡسِۭ بِمَا كَسَبَتۡۗ وَجَعَلُواْ لِلَّهِ شُرَكَآءَ قُلۡ سَمُّوهُمۡۚ أَمۡ تُنَبِّـُٔونَهُۥ بِمَا لَا يَعۡلَمُ فِي ٱلۡأَرۡضِ أَم بِظَٰهِرٖ مِّنَ ٱلۡقَوۡلِۗ بَلۡ زُيِّنَ لِلَّذِينَ كَفَرُواْ مَكۡرُهُمۡ وَصُدُّواْ عَنِ ٱلسَّبِيلِۗ وَمَن يُضۡلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنۡ هَادٖ
ඔහු නම්, සෑම ආත්මයක්ම කරන සෑම දැයක්ම හොඳින් දන්නෙකි. ඔවුන් නම්, (ව්‍යාජ දෙවිවරුන්ව) අල්ලාහ්ට සමානයන් වශයෙන් තබන්නාහ! (මෙවැනි වැරදිකරුවන්ව දඬුවම් නොකර අත්හැර දමනු ඇත්ද? නබියේ! ඔබ ඔවුන්ට “ඔබ පවසන දෙවිවරුන් ඇත්තෙන්ම ඔහුට සමානයන් වශයෙන් තිබුණේ නම්) ඒවායේ නම් ඔබ පවසනු. නැතහොත් භූමියෙහි (ඔහුට සමානයන් වශයෙන් දැයක් තිබී එය) ඔහු නොදැනුවත්ව තිබී, ඒ ගැන ඔබ ඔහුට දැනුම් දෙන්නෙහුද? නැතහොත් (ඔබ පවසන දැය, සත්‍යයෙන් තොර) පුහු වදන් පමණක්ද?”යි විමසනු. මෙවායෙන් කිසිවක් නැත! මෙම ප්‍රතික්ෂේප කරන්නන්ට ඔවුන්ගේ කුමන්ත්‍රණයන්ම අලංකාරවත් කර පෙන්වන ලදී. (එබැවින්ම ඔවුන්) ඍජු මාර්ගයෙන්ද වළක්වනු ලැබූහ. කවුරුන්ව (ඔහුගේ පාපයන්හි හේතුවෙන්) අල්ලාහ් වැරදි මාර්ගයෙහි අත්හැර දැමුවේද, ඔහුව ඍජු මාර්ගයෙහි ඇතුළු කළ හැකි කිසිවෙකුත් නැත