Surah Ar-Rad Verse 38 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ar-Radوَلَقَدۡ أَرۡسَلۡنَا رُسُلٗا مِّن قَبۡلِكَ وَجَعَلۡنَا لَهُمۡ أَزۡوَٰجٗا وَذُرِّيَّةٗۚ وَمَا كَانَ لِرَسُولٍ أَن يَأۡتِيَ بِـَٔايَةٍ إِلَّا بِإِذۡنِ ٱللَّهِۗ لِكُلِّ أَجَلٖ كِتَابٞ
(නබියේ!) නියත වශයෙන්ම අපි ඔබට පෙරද දූතයින් බොහොමයක් දෙනාව යවා ඇත්තෙමු. (ඔබ මෙන්ම) ඔවුන්ටද අඹු දරුවන්ද දී තිබුනෙමු. (එබැවින් ඔබට අඹු දරුවන් තිබීම ගැන මොවුන් දෝස් පවරන්නට ඉඩ නැත). තවද අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර කිසිම දූතයෙකු කිසිම සාධකයක් ගෙන ඒමට ඉඩ නැත. (ඔහු මනක්කල්පිත කර තිබූ) සෑම දැයකටම කාල අවකාශයක් (සඳහන් කර) ලියනු ලැබ ඇත්තේය. (එය නියමිත කාල අවකාශයට කළින් පැමිණෙන්නේද නැත; පසුව පැමිණෙන්නේද නැත)