Surah Ibrahim Verse 22 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَقَالَ ٱلشَّيۡطَٰنُ لَمَّا قُضِيَ ٱلۡأَمۡرُ إِنَّ ٱللَّهَ وَعَدَكُمۡ وَعۡدَ ٱلۡحَقِّ وَوَعَدتُّكُمۡ فَأَخۡلَفۡتُكُمۡۖ وَمَا كَانَ لِيَ عَلَيۡكُم مِّن سُلۡطَٰنٍ إِلَّآ أَن دَعَوۡتُكُمۡ فَٱسۡتَجَبۡتُمۡ لِيۖ فَلَا تَلُومُونِي وَلُومُوٓاْ أَنفُسَكُمۖ مَّآ أَنَا۠ بِمُصۡرِخِكُمۡ وَمَآ أَنتُم بِمُصۡرِخِيَّ إِنِّي كَفَرۡتُ بِمَآ أَشۡرَكۡتُمُونِ مِن قَبۡلُۗ إِنَّ ٱلظَّـٰلِمِينَ لَهُمۡ عَذَابٌ أَلِيمٞ
(මෙම වැරදිකරුවන් ගැන) තීන්දු දෙනු ලැබීමෙන් පසු ෂෙයිතාන් (මොවුන්ට) “නියත වශයෙන්ම අල්ලාහ් (මෙම දඬුවම් දෙන බවට) ඔබට ඇත්තෙන්ම පොරොන්දු දී තිබුණි. (ඒ අන්දමටම දුන්නේය). මමත් ඔබට (බොරුවට) පොරොන්දු දුන්නෙමි. එහෙත් මා ඔබට වංචා කළෙමි. මා ඔබව ආරාධනා කළෙමි. ඔබ මාව අනුගමනය කළෙහුය යන්න මිස, මා ඔබව බලකිරීමට මා හට කිසිම බලයක් නොමැතිවම තිබුණි. එබැවින් ඔබ මාව නින්දා නොකරනු. ඔබවම ඔබලා නින්දා කර ගනු. මා ඔබට කිසිම උදව්වක් කිරීමට නොහැක. මෙයට පෙර ඔබ මාව (අල්ලාහ්ට) සමානයන් බවට පත් කරගෙන සිටීමද, නියත වශයෙන්ම මා ප්‍රතික්ෂේප කර හැරියෙමි. නියත වශයෙන්ම (ඔබ වැනි) අපරාධකාරයින්ට ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත” යයි පවසනු ඇත