Surah Ibrahim Verse 44 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Ibrahimوَأَنذِرِ ٱلنَّاسَ يَوۡمَ يَأۡتِيهِمُ ٱلۡعَذَابُ فَيَقُولُ ٱلَّذِينَ ظَلَمُواْ رَبَّنَآ أَخِّرۡنَآ إِلَىٰٓ أَجَلٖ قَرِيبٖ نُّجِبۡ دَعۡوَتَكَ وَنَتَّبِعِ ٱلرُّسُلَۗ أَوَلَمۡ تَكُونُوٓاْ أَقۡسَمۡتُم مِّن قَبۡلُ مَا لَكُم مِّن زَوَالٖ
එබැවින් (නබියේ!) මෙවැනි දඬුවම් දිනයක් ඔවුන්ට පැමිණීම ගැන ඔබ මිනිසුන්ට බිය ගන්වා අනතුරු අඟවනු මැනව! සීමාව ඉක්මවූවන් (එදින තමන්ගේ දෙවියන්ට) “අපගේ දෙවියනේ! ඔබ අපට එක් සුළු කාල අවකාශයක් දෙනු (මැනව!) අපි ඔබගේ ආරාධනාවට (මින් පසු) සවන් දී, (ඔබගේ) දූතයින්ව අනුගමනය කර කටයුතු කරන්නෙමු” යයි පවසනු ඇත. (එයට දෙවියන් ඔවුන්ට) “මීට පෙර ඔබ, ඔබගේ (මෙලොව ජීවිතයට) විනාශයක්ම නැත යයි දිව්රා පවසමින්ම සිටියේ නැද්ද?”යි (විමසනු ඇත)