Surah An-Nahl Verse 115 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlإِنَّمَا حَرَّمَ عَلَيۡكُمُ ٱلۡمَيۡتَةَ وَٱلدَّمَ وَلَحۡمَ ٱلۡخِنزِيرِ وَمَآ أُهِلَّ لِغَيۡرِ ٱللَّهِ بِهِۦۖ فَمَنِ ٱضۡطُرَّ غَيۡرَ بَاغٖ وَلَا عَادٖ فَإِنَّ ٱللَّهَ غَفُورٞ رَّحِيمٞ
(අනුභව නොකළ යුතුය යයි) ඔබට තහනම් කර ඇත්තේ, මැරී ගිය දැය, ලේද, ඌරන්ගේ මස් මාංශ, අල්ලාහ් නොවන දැයෙහි නාමය සඳහන් කරනු ලැබූ දැයයි. කවුරුන් හෝ සිමාව ඉක්මවා නොයාද, පාපයක් කිරීමේ චේතනාවක් නොමැතිවද, (කවුරුන් විසින් හෝ) බල කරනු ලැබ, (නැතහොත් කුස ගින්න දරා ගත නොහැකිව, අවශ්‍යතාවය නොඉක්මවා මේවා අනුභව) කළහොත් (ඔහු කෙරෙහි වැරැද්දක් නැත. එබැවින් මෙවැනි තත්වයකදී ඔහුව) නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය