Surah An-Nahl Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlٱلَّذِينَ تَتَوَفَّىٰهُمُ ٱلۡمَلَـٰٓئِكَةُ ظَالِمِيٓ أَنفُسِهِمۡۖ فَأَلۡقَوُاْ ٱلسَّلَمَ مَا كُنَّا نَعۡمَلُ مِن سُوٓءِۭۚ بَلَىٰٓۚ إِنَّ ٱللَّهَ عَلِيمُۢ بِمَا كُنتُمۡ تَعۡمَلُونَ
තමන්ට තමන්ම අපරාධ කරගෙන සිටි මොවුන්ගේ පණ මලායිකාවරුන් අත්පත් කර ගන්නා විට, ඔවුන් “අපි කිසිම වැරැද්දක් කළේ නැත” යයි (කියමින් තමන්ව වේදනා ගෙන නොදෙනු යයි මලායිකාවරුන් වෙත) සමාදානය ඉල්ලා සිටින්නාහ. (එයට මලායිකාවරුන්) “නොඑසේය! නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරමින් සිටි දැය හොඳින් දැනගෙනම සිටින්නේය” (යයි පිළිතුරු දෙන්නාහ)