Surah An-Nahl Verse 37 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlإِن تَحۡرِصۡ عَلَىٰ هُدَىٰهُمۡ فَإِنَّ ٱللَّهَ لَا يَهۡدِي مَن يُضِلُّۖ وَمَا لَهُم مِّن نَّـٰصِرِينَ
(නබියේ!) ඔවුන් ඍජු මාර්ගයෙහි යා යුතුය යයි ඔබ කෙතරම් කැමති වුවද, (එම මාර්ගයට එන්නේ නැත. මන්දයත් හිත එකළැස් නොවී) කවුරුන් වැරදි මාර්ගයෙහි යන්නෝද, ඔවුන්ව නියත වශයෙන්ම අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත. ඔවුන්ට උදව් කරන්නන්ද කිසිවෙකුත් නැත