Surah An-Nahl Verse 80 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَٱللَّهُ جَعَلَ لَكُم مِّنۢ بُيُوتِكُمۡ سَكَنٗا وَجَعَلَ لَكُم مِّن جُلُودِ ٱلۡأَنۡعَٰمِ بُيُوتٗا تَسۡتَخِفُّونَهَا يَوۡمَ ظَعۡنِكُمۡ وَيَوۡمَ إِقَامَتِكُمۡ وَمِنۡ أَصۡوَافِهَا وَأَوۡبَارِهَا وَأَشۡعَارِهَآ أَثَٰثٗا وَمَتَٰعًا إِلَىٰ حِينٖ
ඔබගේ නිවෙස් අල්ලාහ් ඔබට නිදහස ලබා දෙන ස්ථානයක් වශයෙන් සැලැස්සුවේය. ගමේ සතුන්ගේ හම් වලින් ඔබ නිවෙස් වශයෙන් තනා ගැනීමට (පහසු ආකාරයට) ඔබ වෙනුවෙන් ඔහු උත්පාදනය කර ඇත්තේය. එය ඔබ සංචාරය කරන අවස්ථාවන්හිදීද, ස්ථානයකදී කඳවුරු බැඳ ගන්නා අවස්ථාවන්හිදීද, ඉතා පහසුවෙන් උසුළාගෙන යා හැකිව ඇත්තේය. (ඇඳුම් ආදී විවිධ භාණ්ඩද නිෂ්පාදනයට) ඒවායෙන් (බැටළුවන්ගේ) ලොම්, (ඔටුවන්ගේ) රෝම, (සුදු එළුවන්ගේ) කෙස්, ආදී දැයද (ඔහු ඔබ වෙනුවෙන් නිර්මාණය කර ඇත්තේය. ඒවායෙන් නිෂ්පාදිත භාණ්ඩ) කාලයක් දක්වා (නිවෙස් වලට) අලංකාරවත් ආකාරයටද, (ජීවිතයට) ප්‍රයෝජනවත් දැය වශයෙන්ද ඇත්තේය