Surah An-Nahl Verse 92 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah An-Nahlوَلَا تَكُونُواْ كَٱلَّتِي نَقَضَتۡ غَزۡلَهَا مِنۢ بَعۡدِ قُوَّةٍ أَنكَٰثٗا تَتَّخِذُونَ أَيۡمَٰنَكُمۡ دَخَلَۢا بَيۡنَكُمۡ أَن تَكُونَ أُمَّةٌ هِيَ أَرۡبَىٰ مِنۡ أُمَّةٍۚ إِنَّمَا يَبۡلُوكُمُ ٱللَّهُ بِهِۦۚ وَلَيُبَيِّنَنَّ لَكُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ مَا كُنتُمۡ فِيهِ تَخۡتَلِفُونَ
(මිනිසුනේ! ස්ථීර කරන ලද දිව්රුම කඩ කර), ඔබ ගැහැනියකට සම නොවනු. ඇය ඉතාමත් අමාරුවෙන් කටින ලද නූලක් තමන්ම (කපා දමා) කෑලි කෑලි වලට කර දමන්නීය. (තවද) එක් සමුහයකට වඩා තවත් සමුහයක් බලසම්පන්න වශයෙන් වීමට ඔබගේ දිව්රුම ඔබ අතරේ හේතුවක් බවට පත් කර නොගනු. මෙම කාරණාවෙහි (ඔබ නියම ආකාරයෙන් කටයුතු කරන්නේද, නැද්ද යන්න) නියත වශයෙන්ම අල්ලාහ් ඔබව පිරික්සුමට ලක් කරන්නේය. තවද ඔබ තර්ක කරමින් සිටි දැයද, විනිශ්චය දිනදී ඔහු ඔබට පැහැදිලිව විස්තරාත්මකව පෙන්වනු ඇත