Surah Al-Isra Verse 97 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Israوَمَن يَهۡدِ ٱللَّهُ فَهُوَ ٱلۡمُهۡتَدِۖ وَمَن يُضۡلِلۡ فَلَن تَجِدَ لَهُمۡ أَوۡلِيَآءَ مِن دُونِهِۦۖ وَنَحۡشُرُهُمۡ يَوۡمَ ٱلۡقِيَٰمَةِ عَلَىٰ وُجُوهِهِمۡ عُمۡيٗا وَبُكۡمٗا وَصُمّٗاۖ مَّأۡوَىٰهُمۡ جَهَنَّمُۖ كُلَّمَا خَبَتۡ زِدۡنَٰهُمۡ سَعِيرٗا
කවුරුන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද, ඔවුන්ම ඍජු මාර්ගය අත් කර ගන්නාහ. කවුරුන්ව (අල්ලාහ්) වැරදි මාර්ගයෙහි අත්හැර දමන්නෝද, එවැන්නන්ට ඔහු හැර උදව් කරන්නන් කිසිවෙකු ඔබ නොදකින්නෙහිය. තවද විනිශ්චය දිනදී ඔවුන්ව අන්ධයින් වශයෙන්ද, ගොළුවන් වශයෙන්ද, බිහිරන් වශයෙන්ද, (පත් කර) ඔවුන් තමන්ගේ මුණින් වැටී බඩගාමින් එන්නට (සලස්වා), ඔවුන්ව ඒකරාශී කරන්නෙමු. ඔවුන් රැඳී සිටින ස්ථානය නිරයයි. ඔවුන්ට අපි (නිරයෙහි අධික උෂණත්වය) අඩු වන සෑම විටම, දළු ලා දැවෙන සේ නැවතත් අධික කරන්නෙමු