Surah Al-Kahf Verse 28 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَٱصۡبِرۡ نَفۡسَكَ مَعَ ٱلَّذِينَ يَدۡعُونَ رَبَّهُم بِٱلۡغَدَوٰةِ وَٱلۡعَشِيِّ يُرِيدُونَ وَجۡهَهُۥۖ وَلَا تَعۡدُ عَيۡنَاكَ عَنۡهُمۡ تُرِيدُ زِينَةَ ٱلۡحَيَوٰةِ ٱلدُّنۡيَاۖ وَلَا تُطِعۡ مَنۡ أَغۡفَلۡنَا قَلۡبَهُۥ عَن ذِكۡرِنَا وَٱتَّبَعَ هَوَىٰهُ وَكَانَ أَمۡرُهُۥ فُرُطٗا
(නබියේ!) කවුරුන් තමන්ගේ දෙවියන්ගේ සොම්නස බලාපොරොත්තුවෙන් ඔහුවම උදේද, සවසද (ප්‍රාර්ථනා කර) ආරාධනා කරමින් සිටින්නෝද, ඔවුන් සමග ඔබත් (ඔබගේ දුක් ගැහැට විඳ දරාගෙන) ඉවසීමෙන් සිටිනු මැනව! මෙලොව ජීවිතයෙහි අලංකාරය ඔබ ආශා කර, එවැනි (හොඳ) අයව අත්හැර ඔබගේ ඇස් හරවා නොගනු මැනව! තවද කවුරුන් තම (ශරීර) සුවය අනුගමනය කිරීමේ හේතුවෙන් ඔහුගේ හෘදය අපව සිහි කර, යාච්ඤා කිරීමෙන් අපි හරවා දැමුවේද, ඔහුව ඔබ අනුගමනය නොකරනු. ඔහුගේ කාරණාව සීමාව ඉක්මවූ එකක් වන්නේය