Surah Al-Kahf Verse 29 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Kahfوَقُلِ ٱلۡحَقُّ مِن رَّبِّكُمۡۖ فَمَن شَآءَ فَلۡيُؤۡمِن وَمَن شَآءَ فَلۡيَكۡفُرۡۚ إِنَّآ أَعۡتَدۡنَا لِلظَّـٰلِمِينَ نَارًا أَحَاطَ بِهِمۡ سُرَادِقُهَاۚ وَإِن يَسۡتَغِيثُواْ يُغَاثُواْ بِمَآءٖ كَٱلۡمُهۡلِ يَشۡوِي ٱلۡوُجُوهَۚ بِئۡسَ ٱلشَّرَابُ وَسَآءَتۡ مُرۡتَفَقًا
(නබියේ!) ඔබ මෙසේ පවසනු: “(සම්පූර්ණයෙන්ම) සත්‍යය වූ (මෙම ධර්මය) ඔබගේ දෙවියන් විසින් පහළ කරන ලදී”. කැමැත්තන්ට මෙය විශ්වාස කළ හැකිය. අකමැත්තන්ට (මෙය) ප්‍රතික්ෂේප කර දැමිය හැකිය. (නමුත් මෙය ප්‍රතික්ෂේප කරන) අපරාධකරුවන්ට නියත වශයෙන්ම අපි නිරයම පිළියෙල කර ඇත්තෙමු. එම නිරයෙහි ගිනි ජාලාවන් ඔවුන්ව වට කර ගනු ඇත. ඔවුන් (ජලය ඉල්ලා) විලාප නැගුවහොත්, රත් පැහැ වී උණු වී යන තඹ මෙන් වූ ජලයම (ලෝදියම) ඔවුන්ට දෙනු ලැබේ. (ඔවුන් එය බීමට කළින්ම) එය ඔවුන්ගේ මුහුණ පුළුස්සා අඟූරු කර දමනු ඇත. (තවද) එය ඉතාමත් පිළිකුල් සහගත බීමක්ද වන්නේය. ඔවුන් ගිමන් නිවන ස්ථානය ඉතාමත් නපුරුය