Surah Al-Baqara Verse 120 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلَن تَرۡضَىٰ عَنكَ ٱلۡيَهُودُ وَلَا ٱلنَّصَٰرَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمۡۗ قُلۡ إِنَّ هُدَى ٱللَّهِ هُوَ ٱلۡهُدَىٰۗ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم بَعۡدَ ٱلَّذِي جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ مَا لَكَ مِنَ ٱللَّهِ مِن وَلِيّٖ وَلَا نَصِيرٍ
(නබියේ!) යුදෙව්වන් වුවද (කම් නැත), ක්‍රිස්තියානුවන් වුවද (කම් නැත), ඔබ ඔවුන්ගේ ධර්මය අනුගමනය නොකර සිටින තුරු, ඔබ ගැන ඔවුන් සෑහීමට පත් වන්නේම නැත. (එබැවින් ඔවුන්ට) “අල්ලාහ්ගේ මාර්ගයම (වන ඉස්ලාමය) නියත වශයෙන්ම ඍජු මාර්ගය වේ. (මෙයම අනුගමනය කරන්නෙමි)” යයි පවසනු. තවද ඔබට (සත්‍ය) ඥානය පැමිණි පසුද, ඔවුන්ගේ කැමැත්ත අනුගමනය කරන්නෙහි නම්, අල්ලාහ් වෙතින් (ඒ සඳහා විනිශ්චය කරනු ලබන දිනදී) ඔබව බේරා ගන්නෙකුද නැත; (ඔබට) උදව් කරන්නෙකුද නැත