Surah Al-Baqara Verse 143 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Baqaraوَكَذَٰلِكَ جَعَلۡنَٰكُمۡ أُمَّةٗ وَسَطٗا لِّتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ وَيَكُونَ ٱلرَّسُولُ عَلَيۡكُمۡ شَهِيدٗاۗ وَمَا جَعَلۡنَا ٱلۡقِبۡلَةَ ٱلَّتِي كُنتَ عَلَيۡهَآ إِلَّا لِنَعۡلَمَ مَن يَتَّبِعُ ٱلرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَىٰ عَقِبَيۡهِۚ وَإِن كَانَتۡ لَكَبِيرَةً إِلَّا عَلَى ٱلَّذِينَ هَدَى ٱللَّهُۗ وَمَا كَانَ ٱللَّهُ لِيُضِيعَ إِيمَٰنَكُمۡۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ
එලෙස ය නුඹලා ජනයාට සාක්ෂිකරුවන් වනු පිණිසත්, ධර්ම දූතයාණන් නුඹලාට සාක්ෂිකරුවෙකු වනු පිණිසත්, අප නුඹලා ව මධ්‍යස්ථ (ජන) සමූහයක් ලෙස පත් කළේ. තම විලුඹ දෙක මත හැරී යන්නන් අතුරින් ධර්ම දූතයාණන් ව අනුගමනය කරන්නන් කවරෙකු දැ යි අපි දැන ගනු පිණිස මිස ඔබ කවර දෙයක් මත (දැන්) සිටින්නේ ද එවන් කිබ්ලා ව අපි පත් නොකළෙමු. එය අල්ලාහ් මඟ පෙන් වූ අය කෙරෙහි හැර (අන් අයට) භාරදූර දෙයක් විය. අල්ලාහ්ට නුඹලාගේ විශ්වාසය නිශ්ඵල කිරීමට (අවශ්‍ය) නොවීය. සැබැවින් ම අල්ලාහ් සකල ජනයාටම සෙනෙහෙ වන්තය අසමසම කරුණා වන්තය