Surah Al-Baqara Verse 143 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَكَذَٰلِكَ جَعَلۡنَٰكُمۡ أُمَّةٗ وَسَطٗا لِّتَكُونُواْ شُهَدَآءَ عَلَى ٱلنَّاسِ وَيَكُونَ ٱلرَّسُولُ عَلَيۡكُمۡ شَهِيدٗاۗ وَمَا جَعَلۡنَا ٱلۡقِبۡلَةَ ٱلَّتِي كُنتَ عَلَيۡهَآ إِلَّا لِنَعۡلَمَ مَن يَتَّبِعُ ٱلرَّسُولَ مِمَّن يَنقَلِبُ عَلَىٰ عَقِبَيۡهِۚ وَإِن كَانَتۡ لَكَبِيرَةً إِلَّا عَلَى ٱلَّذِينَ هَدَى ٱللَّهُۗ وَمَا كَانَ ٱللَّهُ لِيُضِيعَ إِيمَٰنَكُمۡۚ إِنَّ ٱللَّهَ بِٱلنَّاسِ لَرَءُوفٞ رَّحِيمٞ
(විශ්වාසවන්තයිනි!) එසේම (උස් පහත් භේදයක් නැති) මධ්‍යස්ථ සමූහයක් වශයෙන්ද, අපි ඔබව පත් කළෙමු. එබැවින් ඔබ (අන්) මිනිසුන්ට (ඍජු මාර්ගය පෙන්විය හැකි) සාක්ෂියක් වශයෙන් සිටිනු. (අපගේ) රසූල්, ඔබට (මග පෙන්විය හැකි) සාක්ෂියක් වශයෙන් සිටිනු ඇත. (නබියේ!) ඔබ (මෙතෙක්) දිශාවක් බලා (සලාත්) කරමින් සිටි (බයිතුල් මක්දිස්හි) දිශාව (වෙනස් නොකර ඔබ ඒ දෙසම බලා සලාත් කරමින් සිටින ලෙසට මෙතෙක්) අපි නියම කර තිබූ දැය නම්, (එය වෙනස් කළ පසු අපගේ) රසූල්වරයා අනුගමනය කරන්නාව (අනුගමනය නොකර) තමන්ගේ විළුඹ දෙසට ආපසු හැරී යන්නන්ගෙන් අපි වෙන්කර හඳුනා ගැනීමටය. නමුත් කවුරුන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේද, ඔවුන් හැරය. අන් අයට එය (කිබ්ලාව වෙනස් කිරීම) නියත වශයෙන්ම ඉතාමත් බරපතල දැයකි. තවද (විශ්වාසවන්තයිනි! මෙයට පෙර ඔබ බයිතුල් මක්දිසය දෙස බලා සලාත් කරමින් සිටීමේ) ඔබගේ විශ්වාසයද අල්ලාහ් අපතේ හරින්නේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන් වෙත ඉමහත් කරුණාවෙන්ද අපරිමිත ආදරයෙන්ද යුත්තෙකි