Surah Al-Baqara Verse 144 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraقَدۡ نَرَىٰ تَقَلُّبَ وَجۡهِكَ فِي ٱلسَّمَآءِۖ فَلَنُوَلِّيَنَّكَ قِبۡلَةٗ تَرۡضَىٰهَاۚ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُۥۗ وَإِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ لَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا يَعۡمَلُونَ
(නබියේ!) ඔබගේ මුහුණ (ප්‍රාර්ථනා කරමින්) විටින් විට අහස දෙසට බැල්ම හෙලීම අපි දකින්නෙමු. එබැවින් ඔබ කැමති වන කිබ්ලාව (වන මක්කාව) දෙසටම අපි ඔබව නියත වශයෙන්ම හරවන්නෙමු. එබැවින් ඔබ (සලාත් කරන විට මක්කාවේ ඇති) මස්ජිදුල් හරාම් දෙසටම ඔබගේ මුහුණ හරවනු මැනව! (විශ්වාසවන්තයිනි!) ඔබත් කොහි සිටියද (සලාතයෙහිදී) ඒ දෙසටම ඔබගේ මුහුණු හරවනු මැනව! ධර්මය ලබා දෙනු ලැබූ (යුදෙව්වන්ද, ක්‍රිස්තියානුවන්ද) යන අය (ඔබ මක්කාව දෙසට හැරවූ) “මෙය තමන්ගේ දෙවියන් වෙතින් (පැමිණි) සත්‍යය වූ දැයකි (නියෝගයකි)” යයි නියත වශයෙන්ම දැන ගන්නාහ. (මන්දයත් ඒ ආකාරයටම ඔවුන්ගේ ධර්මයෙහි සඳහන්ව ඇත්තේය. එබැවින් සත්‍යය වසන් කරන) ඔවුන් කරන දැය ගැන අල්ලාහ් නොසැළකිලිමත්ව සිටින්නේ නැත