Surah Al-Baqara Verse 145 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلَئِنۡ أَتَيۡتَ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ بِكُلِّ ءَايَةٖ مَّا تَبِعُواْ قِبۡلَتَكَۚ وَمَآ أَنتَ بِتَابِعٖ قِبۡلَتَهُمۡۚ وَمَا بَعۡضُهُم بِتَابِعٖ قِبۡلَةَ بَعۡضٖۚ وَلَئِنِ ٱتَّبَعۡتَ أَهۡوَآءَهُم مِّنۢ بَعۡدِ مَا جَآءَكَ مِنَ ٱلۡعِلۡمِ إِنَّكَ إِذٗا لَّمِنَ ٱلظَّـٰلِمِينَ
එබැවින් (නබියේ!) ධර්මය ලබා දෙනු ලැබූ ඔවුන්ට (තෘප්තිය ලබා දීම පිණිස) සෑම වර්ගයේ සාධකයන්ම ඔබ ගෙන ආවද, ඔවුන් ඔබගේ කිබ්ලාව අනුගමනය කරන්නට යන්නේ නැත. ඔබත් ඔවුන්ගේ කිබ්ලාව අනුගමනය කරන්නට යන්නේද නැත. තවද (ධර්මය ලබා දෙනු ලැබූ) ඔවුන්ගෙන්ද සමහරෙකු තවත් සමහරෙකුගේ කිබ්ලාව අනුගමනය කරන්නට යන්නේද නැත. (එබැවින් මක්කාව බලා සලාත් කරන මෙන්) ඔබට (වහී මගින්) ඥානය පැමිණි පසුද, ඔවුන්ගේ කැමැත්ත ඔබ අනුගමනය කරන්නෙහි නම්, නියත වශයෙන්ම ඔබ සීමාව ඉක්මවූ අයගෙන් කෙනෙකු (බවට අදහස් කරනු ලබන්නෙහිය)