Surah Al-Baqara Verse 144 - Sinhala Translation by Www.islamhouse.com
Surah Al-Baqaraقَدۡ نَرَىٰ تَقَلُّبَ وَجۡهِكَ فِي ٱلسَّمَآءِۖ فَلَنُوَلِّيَنَّكَ قِبۡلَةٗ تَرۡضَىٰهَاۚ فَوَلِّ وَجۡهَكَ شَطۡرَ ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَحَيۡثُ مَا كُنتُمۡ فَوَلُّواْ وُجُوهَكُمۡ شَطۡرَهُۥۗ وَإِنَّ ٱلَّذِينَ أُوتُواْ ٱلۡكِتَٰبَ لَيَعۡلَمُونَ أَنَّهُ ٱلۡحَقُّ مِن رَّبِّهِمۡۗ وَمَا ٱللَّهُ بِغَٰفِلٍ عَمَّا يَعۡمَلُونَ
නුඹගේ මුහුණ ඇතැම් විට අහස දෙසට හැරවීම සැබැවින් ම අපි දකින්නෙමු. නුඹ ප්‍රිය කරන කිබ්ලා ව දෙස සැබැවින් ම අපි නුඹ ව හරවන්නෙමු. එහෙයින් නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත හරවනු. (ජනයිනි) නුඹලා කොතැනක සිටිය ද (සලාතයේ දී) නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවනු. තවද නියත වශයෙන්ම දේව ග්‍රන්ථය දෙනු ලැබූවන් සැබැවින් ම මෙය තම පරමාධිපතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනු ඇත. ඔවුන් කරන දෑ පිළිබඳ ව අල්ලාහ් නොසලකා හරින්නෙකු නොවේ