Surah Al-Baqara Verse 158 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞إِنَّ ٱلصَّفَا وَٱلۡمَرۡوَةَ مِن شَعَآئِرِ ٱللَّهِۖ فَمَنۡ حَجَّ ٱلۡبَيۡتَ أَوِ ٱعۡتَمَرَ فَلَا جُنَاحَ عَلَيۡهِ أَن يَطَّوَّفَ بِهِمَاۚ وَمَن تَطَوَّعَ خَيۡرٗا فَإِنَّ ٱللَّهَ شَاكِرٌ عَلِيمٌ
ඇත්තෙන්ම සෆා (කන්ද ද) මර්වා (කන්ද ද) අල්ලාහ්ගේ ධර්ම සළකුණු වලින් වූ දැය වන්නේය. එබැවින් ඔවුන් (කඃබාව නමැති) එම නිවස හජ් නැතහොත් උම්රා කරන්නෝද, ඔවුන් ඒ දෙක වටා ගමන් කිරීමෙහි වරදක් නැත. එබැවින් කවුරුන් හෝ තමන් විසින්ම දැහැමි ක්‍රියාවන් කළහොත් නියත වශයෙන්ම අල්ලාහ් කළ ගුණ දන්නෙකු වශයෙන්ද (ඔවුන්ගේ ක්‍රියාවන්) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය