Surah Al-Baqara Verse 171 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَمَثَلُ ٱلَّذِينَ كَفَرُواْ كَمَثَلِ ٱلَّذِي يَنۡعِقُ بِمَا لَا يَسۡمَعُ إِلَّا دُعَآءٗ وَنِدَآءٗۚ صُمُّۢ بُكۡمٌ عُمۡيٞ فَهُمۡ لَا يَعۡقِلُونَ
(අන්ධයින් මෙන් තමන්ගේ මුතුන් මිත්තන්ව අනුගමනය කරන) එම කාෆිර්වරුන්ගේ උපමාව නම්, (අර්ථය වටහා නොගෙන) කෑකෝ ගැසීමද, විලාපයද මිස, වෙන කිසිවක් වටහා නොගත හැකි දැය (ගමේ සතුන්ව) කැඳවීමට ශබ්ද නගන කෙනෙකු (එඬේරෙකු)ගේ උපමාවට සමාන වන්නේය. (තවද ඔවුන් කිසිවක් ඇසීමට නොහැකි) බිහිරන් වශයෙන්ද, (කිසිවක් කීමට නොහැකි) ගොළුවන් වශයෙන්ද, (කිසිවක් දැකීමට නොහැකි) අන්ධයින් වශයෙන්ද සිටින්නාහ. එබැවින් ඔවුන් (කිසිවක්) දැන ගන්නේම නැත