Surah Al-Baqara Verse 184 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraأَيَّامٗا مَّعۡدُودَٰتٖۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوۡ عَلَىٰ سَفَرٖ فَعِدَّةٞ مِّنۡ أَيَّامٍ أُخَرَۚ وَعَلَى ٱلَّذِينَ يُطِيقُونَهُۥ فِدۡيَةٞ طَعَامُ مِسۡكِينٖۖ فَمَن تَطَوَّعَ خَيۡرٗا فَهُوَ خَيۡرٞ لَّهُۥۚ وَأَن تَصُومُواْ خَيۡرٞ لَّكُمۡ إِن كُنتُمۡ تَعۡلَمُونَ
නියමිත දිනයන්හිම (උපවාසයේ යෙදීම අනිවාර්යය වන්නේය). එහෙත් (ඒ දිනයන්හි) ඔබගෙන් කවුරුන්ට හෝ අසනීපකාරයෙකු වශයෙන් හෝ නැතහොත් සංචාරයෙහි හෝ සිටින්නෙහි නම්, (ඔහු උපවාසයේ යෙදීමට අවශ්‍යය නැත. එය රමලාන් නොවන) වෙනත් දිනයන්හි ගණනය (කර, උපවාසයේ) යෙදෙනු. තවද (කුමන හෝ හේතුවක් නිසා උපවාසයේ යෙදීමට අපහසුතාවයක් ඇති වූවන්ගෙන්) ශක්තිවන්තයින් (එයට) වන්දි වශයෙන් එක් දුප්පතෙකුට ආහාර ලබා දීම අනිවාර්යය වන්නේය. කවුරුන් හෝ පින් ලබා ගැනීමේ අදහසින් (වන්දිවශයෙන් දිය යුතු ප්‍රමාණයට වඩා වැඩියෙන් දානමාන) කළහොත් එය ඔහුටම පින් අයිති වන්නේය. එහෙත් (කෙතරම් වුවද, වන්දි වශයෙන් දානය දීමට වඩා) ඔබ උපවාසයේ යෙදීමම ඔබට පින් අයත් වන්නේය (යන්න) ඔබ නුවනැත්තන් වශයෙන් සිටින්නෙහු නම්, (දැන ගන්නෙහුය)