Surah Al-Baqara Verse 185 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraشَهۡرُ رَمَضَانَ ٱلَّذِيٓ أُنزِلَ فِيهِ ٱلۡقُرۡءَانُ هُدٗى لِّلنَّاسِ وَبَيِّنَٰتٖ مِّنَ ٱلۡهُدَىٰ وَٱلۡفُرۡقَانِۚ فَمَن شَهِدَ مِنكُمُ ٱلشَّهۡرَ فَلۡيَصُمۡهُۖ وَمَن كَانَ مَرِيضًا أَوۡ عَلَىٰ سَفَرٖ فَعِدَّةٞ مِّنۡ أَيَّامٍ أُخَرَۗ يُرِيدُ ٱللَّهُ بِكُمُ ٱلۡيُسۡرَ وَلَا يُرِيدُ بِكُمُ ٱلۡعُسۡرَ وَلِتُكۡمِلُواْ ٱلۡعِدَّةَ وَلِتُكَبِّرُواْ ٱللَّهَ عَلَىٰ مَا هَدَىٰكُمۡ وَلَعَلَّكُمۡ تَشۡكُرُونَ
රමලාන් මාසය; කොපමණ (ශ්‍රේෂ්ඨ)දයත් එහිම මිනිසුන්ට මාර්ගෝපදේශය වශයෙන්ද, ඍජු මාර්ගය පැහැදිලි කළ හැකි වන්නක් වශයෙන්ද, පින් පව් දෙක වෙන් කර දැනුම් දිය හැකි දැයක් වශයෙන්ද වූ ශුද්ධ වූ කුර්ආනය (නමැති මෙම ධර්මය) පහළ කරනු ලැබුවේය. එබැවින් ඔබගෙන් කවුරුන් එම මාසය අත් කර ගන්නේද, ඔහු එහි උපවාසයේ යෙදෙනු. නමුත් (එම කාලයේදී ඔබගෙන්) කවුරුන් හෝ රෝගියෙකු වශයෙන් හෝ නැතහොත් සංචාරයෙහි යෙදී හෝ සිටියහොත් (රමලාන් නොවන) වෙනත් දිනයන්හි (අත්හැරුණු දිනයන්හි උපවාසය) ගණන් බලා (උපවාසයේ) යෙදෙනු. අල්ලාහ් ඔබට පහසු (නියෝග) කිරීමට කැමති වනවා මිස, ඔබට අමාරුකමක් (ඇති කිරීමට) කැමති වන්නේ නැත. (තවද වැරදුනු දිනයන් ගණනය කරන මෙන් නියෝග කිරීම නම්, ඔබ කෙරෙහි අනිවාර්යය වශයෙන් වූ එක් මාසයක උපවාසයෙන්) ගණනය ඔබ පූරණය කර, අල්ලාහ් ඔබව ඍජු මාර්ගයෙහි ගමන් කිරීමට සැලැස්වීම වෙනුවෙන් (ඔහුව) ඔබ ආඩම්බර කිරීම සඳහාද, (අසනීප, සංචාරය වැනි අවස්ථාවන්හි උපවාසයේ නොයෙදී සිටීමට ඔබට අනුමැතිය ලබා දීම නම්), ඔබ (අල්ලාහ්ට) තෘතඥ වීම සඳහාමය