Surah Al-Baqara Verse 187 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraأُحِلَّ لَكُمۡ لَيۡلَةَ ٱلصِّيَامِ ٱلرَّفَثُ إِلَىٰ نِسَآئِكُمۡۚ هُنَّ لِبَاسٞ لَّكُمۡ وَأَنتُمۡ لِبَاسٞ لَّهُنَّۗ عَلِمَ ٱللَّهُ أَنَّكُمۡ كُنتُمۡ تَخۡتَانُونَ أَنفُسَكُمۡ فَتَابَ عَلَيۡكُمۡ وَعَفَا عَنكُمۡۖ فَٱلۡـَٰٔنَ بَٰشِرُوهُنَّ وَٱبۡتَغُواْ مَا كَتَبَ ٱللَّهُ لَكُمۡۚ وَكُلُواْ وَٱشۡرَبُواْ حَتَّىٰ يَتَبَيَّنَ لَكُمُ ٱلۡخَيۡطُ ٱلۡأَبۡيَضُ مِنَ ٱلۡخَيۡطِ ٱلۡأَسۡوَدِ مِنَ ٱلۡفَجۡرِۖ ثُمَّ أَتِمُّواْ ٱلصِّيَامَ إِلَى ٱلَّيۡلِۚ وَلَا تُبَٰشِرُوهُنَّ وَأَنتُمۡ عَٰكِفُونَ فِي ٱلۡمَسَٰجِدِۗ تِلۡكَ حُدُودُ ٱللَّهِ فَلَا تَقۡرَبُوهَاۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَّقُونَ
(විශ්වාසවන්තයිනි!) උපවාස (දිනයන්හි) රාත්‍රීන්හි ඔබ ඔබගේ භාර්යයාවන් සමග එකතු වීමට ඔබට අනුමැතිය දී ඇත්තේය. ඔවුන් ඔබට වස්ත්‍රයන් බවටද, ඔබ ඔවුන්ට වස්ත්‍රයන් බවටද සිටින්නෙහුය. (උපවාස කාලයෙහි ඉෂාවෙන් පසු, ඔබගේ භාර්යයාවන් සමග එකතු නොවීද, කිසිම වස්තුවක් අනුභව නොකරද සිට), ඇත්තෙන්ම ඔබ ඔබව වේදනාවට ලක් කර ගත්තෙහුය යන්න අල්ලාහ් දැනගෙන, ඔබ මත ආදර කරුණාව පහළ වී ඔබගේ අමාරුකමෙන් පහ කළේය. එබැවින් මින් පසු ඝන අඳුර දුරු වී අළුයම් කාලය අත් වූවේය යයි ඔබට පැහැදිලි වන තුරු අනුභව කරනු; පානය කරනු. (නෝම්බියෙහි රාත්‍රී කාලයන්හි ඔබගේ භාර්යයාවන් මගින්) නියම කර ඇති දැය සොයා ගනු. එහෙත් (නැගෙනහිරෙන් යාම්තම් එළිය වැටුන) පසු රාත්‍රිය (ආරම්භ වන) තුරු (ඉහත සඳහන් දැයෙන් මිදී) උපවාසයේ (යෙදී) පූරණය කර ගනු. එහෙත් ඔබ (දෙවියන් වහන්සේ සිහිපත් කිරීමට) නැමදුම්පළවල්හි රැඳී (ඉඃතිකාෆ්හි) සිටින විට, ඔබගේ භාර්යයාවන් වන) ඔවුන් සමග එකතු නොවනු. මේවා අල්ලාහ්ගේ ස්ථීර වූ නීති සීමාවන් වන්නේය. එබැවින් ඒවා (කඩ කිරීමට) ඔබ ළං නොවනු. මිනිසුන් පරිශුද්ධවන්තයින් වීම පිණිස අල්ලාහ් තමන්ගේ ආයාවන් ඔවුන්ට මෙසේ පැහැදිලි කරන්නේය