Surah Al-Baqara Verse 197 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraٱلۡحَجُّ أَشۡهُرٞ مَّعۡلُومَٰتٞۚ فَمَن فَرَضَ فِيهِنَّ ٱلۡحَجَّ فَلَا رَفَثَ وَلَا فُسُوقَ وَلَا جِدَالَ فِي ٱلۡحَجِّۗ وَمَا تَفۡعَلُواْ مِنۡ خَيۡرٖ يَعۡلَمۡهُ ٱللَّهُۗ وَتَزَوَّدُواْ فَإِنَّ خَيۡرَ ٱلزَّادِ ٱلتَّقۡوَىٰۖ وَٱتَّقُونِ يَـٰٓأُوْلِي ٱلۡأَلۡبَٰبِ
හජ් (එයටම යයි) විශේෂිත (ෂව්වාල්, දුල් කඅදා, දුල් හජ් ආදී) මාසයන්ය. එබැවින් ඒවායේ කවුරුන් හෝ (ඉහ්රාම් හැඳ) හජ් (තමන් වෙත) අනිවාර්යය කර ගතහොත්, හජ් (මාසයෙහි දහ වැනි දින) දක්වා (අඹු සැමියන් සේ) සම්බන්ධ වීම, පරුෂ වචන භාවිතය, ආරවුල් ඇති කර ගැනීම ආදිය නොකළ යුතුය. (මේවායෙන් වැළකී) ඔබ කුමන දැහැමි දැයක් කළා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් එය දැන, එයට අයත් ඵලවිපාක දෙනු ඇත. තවද (හජ් වන්ඳනාවට අවශ්‍ය) ආහාර ද්‍රව්‍යය (කළින්ම ලක) ලැහැස්ති කර ගනු. නමුත් (ඔබ) ලක ලැහැස්ති කර ගත් දැයෙන් නම්, ඉතාමත් උසස් දැය වන්නේ, නියත වශයෙන්ම පරිශුද්ධභාවයයි. එබැවින් බුද්ධිමතුනි! ඔබ (විශේෂයෙන් හජ් සමයෙහිදී) මා හට බිය වී (ඉතාමත් භයභක්තියෙන්ම) කටයුතු කරනු