Surah Al-Baqara Verse 196 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَأَتِمُّواْ ٱلۡحَجَّ وَٱلۡعُمۡرَةَ لِلَّهِۚ فَإِنۡ أُحۡصِرۡتُمۡ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۖ وَلَا تَحۡلِقُواْ رُءُوسَكُمۡ حَتَّىٰ يَبۡلُغَ ٱلۡهَدۡيُ مَحِلَّهُۥۚ فَمَن كَانَ مِنكُم مَّرِيضًا أَوۡ بِهِۦٓ أَذٗى مِّن رَّأۡسِهِۦ فَفِدۡيَةٞ مِّن صِيَامٍ أَوۡ صَدَقَةٍ أَوۡ نُسُكٖۚ فَإِذَآ أَمِنتُمۡ فَمَن تَمَتَّعَ بِٱلۡعُمۡرَةِ إِلَى ٱلۡحَجِّ فَمَا ٱسۡتَيۡسَرَ مِنَ ٱلۡهَدۡيِۚ فَمَن لَّمۡ يَجِدۡ فَصِيَامُ ثَلَٰثَةِ أَيَّامٖ فِي ٱلۡحَجِّ وَسَبۡعَةٍ إِذَا رَجَعۡتُمۡۗ تِلۡكَ عَشَرَةٞ كَامِلَةٞۗ ذَٰلِكَ لِمَن لَّمۡ يَكُنۡ أَهۡلُهُۥ حَاضِرِي ٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ شَدِيدُ ٱلۡعِقَابِ
අල්ලාහ් වෙනුවෙන් (ආරම්භ කරන ලද) හජ්ද, උම්රාවද, ඔබ පූරණය කරනු. නමුත් (මක්කාවට යාමට නොහැකි ආකාරයට) ඔබව වළක්වනු ලැබ (හජ් පූරණය කිරීමට නොහැකි) වුවහොත් හද්යු (නමැති එළු, බැටළු, ගව, ඔටුවන් ආදී) දැයෙන් (ඔබට) සුදුසු දැයක් වන්දි වශයෙන් වන්නේය. තවද එම හද්යූන් තමන් යා යුතු (මක්කාවෙහි ඇති හරම් නමැති) ස්ථානයට ළඟා වන තුරු ඔබ, ඔබගේ හිසකෙස් බූ-නොගානු. එහෙත් (ඉහ්රාම් හැඳ සිටින) ඔබගෙන් කවුරුන් හෝ අසනීපකාරයෙකු වශයෙන් හෝ නැතහොත් හිසෙහි (උකුනෝ, තුවාල, කැක්කුම ආදී දැයෙන්) පීඩිත වී සිටින්නෙකු වශයෙන් හෝ සිට, (හිස බූගා) ගතහොත් එයට වන්දි වශයෙන් (ඔහු දින දහයක්) උපවාසයේ යෙදිය යුතුය. නැතහොත් (දුප්පතුන් හය දෙනෙකුට ආහාර) දාන වශයෙන් දිය යුතුය. නැතහොත් (එක් එළුවෙකු) කුර්බාන් කළ යුතුය. තවද (ඉහ්රාම් හැඳ සිටින) ඔබ, (කිසිම බාධාවක් නොමැතිව හජ් කිරීමට) පහසුකම් ඇති කෙනෙකු වශයෙන් සිට, (මක්කාවට ගිය පසු ඔබගෙන්) කවුරුන් හෝ උම්රාව (පමණක් කිරීමෙන්) අනතුරුව හජ් වලට කළින්ම (හජ් සමයෙහි වළක්වන ලද) සුවය විඳිනු ලැබුවහොත් (එයට) වන්දි වශයෙන් හද්යූන් වලින් හැකි දැයක් දිය යුතුය. නමුත් (හද්යූන් වලින් කිසිවක්) සොයා ගත නොහැක්කා, හජ් සමයෙහිදී දින තුනක්ද, (තම වාසස්ථානයට) ආපසු පැමිණි පසු දින හතක්ද වශයෙන් පූරණ වශයෙන් (දින) දහයක් උපවාසයේ යෙදිය යුතුය. (වළක්වන ලද සුවය විඳින) මෙය, (මෙම අයිතිය ඇති) ඔහුගේ පවුල මස්ජිදුල් හරාම්හි (මක්කාවෙහි) වාසය නොකරන්නේද ඔහුටය. එබැවින් ඔබ අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් (වැරදිකරුවන්ට) දඬුවම් කිරීමෙහි ඉතාමත් දරුණුය යන්නද ස්ථීර වශයෙන් දැන ගනු