Surah Al-Baqara Verse 20 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraيَكَادُ ٱلۡبَرۡقُ يَخۡطَفُ أَبۡصَٰرَهُمۡۖ كُلَّمَآ أَضَآءَ لَهُم مَّشَوۡاْ فِيهِ وَإِذَآ أَظۡلَمَ عَلَيۡهِمۡ قَامُواْۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَذَهَبَ بِسَمۡعِهِمۡ وَأَبۡصَٰرِهِمۡۚ إِنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
(තවද) එම විදුලි කෙටීම මොවුන්ගේ ඇස් පෙනුම උදුරා ගැනීමට තැත් කරන්නේය. එය මොවුන්ට ආලෝකය ලබා දෙන සෑම අවස්ථාවන්හිදීම, එයින් (එම ආලෝකයෙන්) ඇවිදින්නට (අදහස්) කරන්නාහ. (නමුත් එම විදුලිය නැති වී) ඔවුන්ව අන්ධකාරය වට කර ගතහොත් (මාර්ගය නොදැන තිගැස්සී) නැවතී යන්නාහ. තවද අල්ලාහ් අදහස් කළේ නම්, මොවුන්ගේ සවණ ඉන්ද්‍රියන්ද, ඇස් පෙනුමද පහ කර හරින්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සෑම දැයක් කෙරෙහිම (ඕනෑම දැයක් කිරීමට තරම්) බලසම්පන්නයෙකි