Surah Al-Baqara Verse 203 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞وَٱذۡكُرُواْ ٱللَّهَ فِيٓ أَيَّامٖ مَّعۡدُودَٰتٖۚ فَمَن تَعَجَّلَ فِي يَوۡمَيۡنِ فَلَآ إِثۡمَ عَلَيۡهِ وَمَن تَأَخَّرَ فَلَآ إِثۡمَ عَلَيۡهِۖ لِمَنِ ٱتَّقَىٰۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّكُمۡ إِلَيۡهِ تُحۡشَرُونَ
(විශ්වාසවන්තයිනි! දුල් හජ් මාසයෙහි) සඳහන්ව ඇති දින (තුනක්) දක්වා (මිනා නමැති ස්ථානයෙහි නැවතී සිට), අල්ලාහ්ව දික්ර් කරනු. නමුත් කවුරුන් හෝ දෙවැනි දිනදී හදිසි වී (පිටත්) වුවහොත් ඔහු කෙරෙහි වරදක් නැත. කවුරුන් හෝ (දින තුනකින්) පසු (පිටත්) වුවහොත් ඔහු කෙරෙහිද වරදක් නැත. ඔහු භය භක්තිකයෙකු වශයෙන් (සිට හජ් සමයෙහිදී වළක්වන ලද දැයෙන් ඈත් වී) සිටියහොත් (පමණක්) ප්‍රමාණවත්ය. එබැවින් (විශ්වාසවන්තයිනි!) නියත වශයෙන්ම ඔබ අල්ලාහ්ට බිය වී කටයුතු කරනු. තවද අල්ලාහ් වෙතම (සාධාරණ විනිශ්චය සඳහා නැගිටුවා) ගෙන එනු ලබන්නෙහුය යන්න සිථීර වශයෙන් දැන ගනු