Surah Al-Baqara Verse 213 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraكَانَ ٱلنَّاسُ أُمَّةٗ وَٰحِدَةٗ فَبَعَثَ ٱللَّهُ ٱلنَّبِيِّـۧنَ مُبَشِّرِينَ وَمُنذِرِينَ وَأَنزَلَ مَعَهُمُ ٱلۡكِتَٰبَ بِٱلۡحَقِّ لِيَحۡكُمَ بَيۡنَ ٱلنَّاسِ فِيمَا ٱخۡتَلَفُواْ فِيهِۚ وَمَا ٱخۡتَلَفَ فِيهِ إِلَّا ٱلَّذِينَ أُوتُوهُ مِنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ بَغۡيَۢا بَيۡنَهُمۡۖ فَهَدَى ٱللَّهُ ٱلَّذِينَ ءَامَنُواْ لِمَا ٱخۡتَلَفُواْ فِيهِ مِنَ ٱلۡحَقِّ بِإِذۡنِهِۦۗ وَٱللَّهُ يَهۡدِي مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٖ مُّسۡتَقِيمٍ
(ආරම්භයෙහි) මිනිසුන් (සියල්ල) එකම සමුහයක් වශයෙන්ම සිටියහ. (ඔවුන් ඍජු මාර්ගයෙහි යනු පිණිස දැහැමි දැය කරන්නන්ට) සුභාරංචි දෙන ලෙසටද, (පාපයන් කරන්නන්ට) බිය ගන්වා අනතුරු අඟවන ලෙසටද, අල්ලාහ් නබිවරුන්ව පහළ කළේය. තවද එම මිනිසුන් අතරේ ඇති වන ප්‍රශ්න නිරාකරණය කිරීම පිණිස ඔවුන් සමග සත්‍ය ධර්මයද පහළ කළේය. මෙසේ පැහැදිලි සාධකයන් (ඇති ධර්මය) පැමිණි පසුද, එය ලබා ගත් ඔවුන්, තමන් තුළ ඇති වූ ඊර්ෂ්‍යාවේ හේතුවෙන්ම (එම සත්‍ය ධර්මයට) වෙනස්කම් (කිරීමට ඉදිරිපත්) වූහ. එහෙත් ඔවුන් වෙනස්කම් කර, ප්‍රතික්ෂේප කර දැමූ එම සත්‍යය දෙසට යන මෙන් විශ්වාසවන්තයින්ට අල්ලාහ් තම වරප්‍රසාදයන් මගින් (ඍජු) මාර්ගය පෙන්වූවේය. තවද (මේ ආකාරයටම) තමන් කැමැත්තන්ව අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේය