Surah Al-Baqara Verse 217 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraيَسۡـَٔلُونَكَ عَنِ ٱلشَّهۡرِ ٱلۡحَرَامِ قِتَالٖ فِيهِۖ قُلۡ قِتَالٞ فِيهِ كَبِيرٞۚ وَصَدٌّ عَن سَبِيلِ ٱللَّهِ وَكُفۡرُۢ بِهِۦ وَٱلۡمَسۡجِدِ ٱلۡحَرَامِ وَإِخۡرَاجُ أَهۡلِهِۦ مِنۡهُ أَكۡبَرُ عِندَ ٱللَّهِۚ وَٱلۡفِتۡنَةُ أَكۡبَرُ مِنَ ٱلۡقَتۡلِۗ وَلَا يَزَالُونَ يُقَٰتِلُونَكُمۡ حَتَّىٰ يَرُدُّوكُمۡ عَن دِينِكُمۡ إِنِ ٱسۡتَطَٰعُواْۚ وَمَن يَرۡتَدِدۡ مِنكُمۡ عَن دِينِهِۦ فَيَمُتۡ وَهُوَ كَافِرٞ فَأُوْلَـٰٓئِكَ حَبِطَتۡ أَعۡمَٰلُهُمۡ فِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۖ وَأُوْلَـٰٓئِكَ أَصۡحَٰبُ ٱلنَّارِۖ هُمۡ فِيهَا خَٰلِدُونَ
(නබියේ! දුල් කඅදා, දුල් හජ්ජි, මුහර්රම්, රජබ් ආදී මෙම) ශුද්ධ වූ මාසයන්හි යුද්ධ කිරීම ගැන ඔබගෙන් ඔවුන් (එම ප්‍රතික්ෂේප කරන්නන්) විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “ඒවායෙහි යුද්ධ කිරීම ඉමහත් පාපයකි! නමුත් (මිනිසුන්) අල්ලාහ්ගේ ධර්මයෙහි (එක්කාසු) වීම (ඔබ) වැළැක්වීමද, ඔහුව ඔබ ප්‍රතික්ෂේප කිරීමද, (හජ් වලට පැමිණෙන්නන්ව) මස්ජිදුල් හරාම් වලට (යාමට නොදී වැළැක්වීමද) එහි වාසය කරන්නන්ගෙන් (විශ්වාසය තැබූවන්ව) එහි සිට පිටමං කිරීමද, අල්ලාහ් වෙතින් (ඊටත් වඩා) ඉතාමත් විශාල පාපයන් වශයෙන් ඇත්තේය. තවද (විශ්වාසවන්තයින්ට ඔබ කරමින් සිටින) නපුර, ඝාතනය ආදියටත් වඩා ඉතාමත් දරුණුය. තවද (විශ්වාසවන්තයිනි! කාෆිර්වරුන් වන) ඔවුන්ට හැකි වුවහොත් ඔබව ඔබගේ ධර්මයෙන් හරවා දමන තෙක් ඔබ සමග නිමක් නැතිව යුද්ධ කරමින්ම සිටිනු ඇත. එබැවින් ඔබගෙන් කවුරුන් හෝ තමන්ගේ ධර්මය (ප්‍රතික්ෂේප කර) දමා වෙනස්ව (එය එසේ) ප්‍රතික්ෂේප (කිරීම ගැන පසුතැවිලි වී මිදෙන්නෙකු) බවට සිටියහොත් මෙවැන්නන්ගේ (දැහැමි) ක්‍රියාවන් සියල්ල මෙලොවදීද, පරලොවදීද විනාශ වී යනු ඇත. ඔවුන්ම නිරාවාසීන්ය. සදාකල් ඔවුන් එහි රැඳී සිටිනු ඇත