Surah Al-Baqara Verse 219 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞يَسۡـَٔلُونَكَ عَنِ ٱلۡخَمۡرِ وَٱلۡمَيۡسِرِۖ قُلۡ فِيهِمَآ إِثۡمٞ كَبِيرٞ وَمَنَٰفِعُ لِلنَّاسِ وَإِثۡمُهُمَآ أَكۡبَرُ مِن نَّفۡعِهِمَاۗ وَيَسۡـَٔلُونَكَ مَاذَا يُنفِقُونَۖ قُلِ ٱلۡعَفۡوَۗ كَذَٰلِكَ يُبَيِّنُ ٱللَّهُ لَكُمُ ٱلۡأٓيَٰتِ لَعَلَّكُمۡ تَتَفَكَّرُونَ
(නබියේ!) සුරාව ගැනද, සූදුව ගැනද ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “මේ දෙකෙහිම විශාල පාපයන් ඇත්තේය. මිනිසුන්ට (සමහර) ප්‍රයෝජනද ඇත්තේය. නමුත් ඒ දෙකෙහි ඇති පාපය, ඒ දෙකෙහි ඇති ප්‍රයෝජනයට වඩා අති විශාලය”. තවද (නබියේ! “දානමානය සඳහා) කුමක් වියදම් කළ යුතුද?”යි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ “(අත්‍යාවශ්‍ය කාරණාවන්ට අවශ්‍ය ප්‍රමාණය අත්හැර) ඉතිරිව ඇති දැය (වියදම් කරනු)” යයි පවසනු මැනව! (විශ්වාසවන්තයිනි!) ඔබ සිතා වටහා ගැනීම පිණිස, ඔබට අල්ලාහ් (තමන්ගේ ආයාවන්) මෙසේ පැහැදිලි කරන්නේය