Surah Al-Baqara Verse 220 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفِي ٱلدُّنۡيَا وَٱلۡأٓخِرَةِۗ وَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡيَتَٰمَىٰۖ قُلۡ إِصۡلَاحٞ لَّهُمۡ خَيۡرٞۖ وَإِن تُخَالِطُوهُمۡ فَإِخۡوَٰنُكُمۡۚ وَٱللَّهُ يَعۡلَمُ ٱلۡمُفۡسِدَ مِنَ ٱلۡمُصۡلِحِۚ وَلَوۡ شَآءَ ٱللَّهُ لَأَعۡنَتَكُمۡۚ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ
(එබැවින්) මෙලොව, පරලොව (සිදු වන යහපත ගැන ඔබ සිතා බලනු මැනව! නබියේ!) අනාථයින්ව (පරිපාලනය කිරීම) ගැනද ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු මැනව! “ඔවුන්ව ප්‍රතිසංස්කරණය කිරීම ඉතාමත් අගනේය! තවද ඔබ ඔවුන් සමග එක්කාසු වී (ජීවත් වීමට) සිදු වුවහොත් (ඔවුන්) ඔබගේ සහෝදරයින්ය. (එබැවින් ඔවුන්ගේ දේපළින් අවශ්‍ය පමණට ඔබ වෙනුවෙන්ද වියදම් කර ගත හැකිය). නමුත් ‘හොඳක්ම කරන්නෙමු’ යයි (පවසමින්) පාපයන් කරන්නන්ව අල්ලාහ් හොඳින් දන්නේය. අල්ලාහ් අදහස් කළහොත් ඔබව (මිදෙන්නට නොහැකි) දුක් ගැහැට වලට ඇතුළු කර දමනු ඇත. අල්ලාහ් (ඕනෑම අන්දමේ දැයක් කිරීමට) බලසම්පන්නයෙකු හා තියුණු බුද්ධියක් ඇත්තෙකු වශයෙන්ද සිටින්නේය. (එබැවින් අනාථයින්ගේ කාරණාවෙහි නපුරක් නොකර ඉතාමත් අනුකම්පාවෙන් යුතුවද ඉතාමත් සාධාරණවද කටයුතු කරනු)