Surah Al-Baqara Verse 221 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلَا تَنكِحُواْ ٱلۡمُشۡرِكَٰتِ حَتَّىٰ يُؤۡمِنَّۚ وَلَأَمَةٞ مُّؤۡمِنَةٌ خَيۡرٞ مِّن مُّشۡرِكَةٖ وَلَوۡ أَعۡجَبَتۡكُمۡۗ وَلَا تُنكِحُواْ ٱلۡمُشۡرِكِينَ حَتَّىٰ يُؤۡمِنُواْۚ وَلَعَبۡدٞ مُّؤۡمِنٌ خَيۡرٞ مِّن مُّشۡرِكٖ وَلَوۡ أَعۡجَبَكُمۡۗ أُوْلَـٰٓئِكَ يَدۡعُونَ إِلَى ٱلنَّارِۖ وَٱللَّهُ يَدۡعُوٓاْ إِلَى ٱلۡجَنَّةِ وَٱلۡمَغۡفِرَةِ بِإِذۡنِهِۦۖ وَيُبَيِّنُ ءَايَٰتِهِۦ لِلنَّاسِ لَعَلَّهُمۡ يَتَذَكَّرُونَ
(විශ්වාසවන්තයිනි!) සමානයන් තබා නමදින කාන්තාවන්ව ඔවුන් විශ්වාස කරන තුරු ඔබ විවාහ කර නොගනු. (මන්දයත්) විශ්වාසවන්ත වහලියක්, සමානයන් තබා නමදින කාන්තාවකට වඩා - ඇය ඔබ ආකර්ෂණය කිරීමට හැකි කෙනෙකු වශයෙන් සිටියදනියත වශයෙන්ම උසස්වන්තියකි. (එසේම) සමානයන් තබා නමදින පිරිමින් විශ්වාස කරන තුරු, (ඔවුන්ට විශ්වාසවන්ත කාන්තාවන්ව) ඔබ විවාහ කර නොදෙනු. විශ්වාසවන්ත වහලෙකු සමානයන් තබා නමදින පිරිමියෙකුට වඩා ඔහු ඔබව ආකර්ෂණය කරන්නෙකු බවට සිටියද, නියත වශයෙන්ම උසස් කෙනෙකි. මොවුන් සියල්ල නිරයට ආරාධනා කරන්නාහ. නමුත් අල්ලාහ් නම්, තම දයාව මගින් ස්වර්ගයටද, (තමන්ගේ) ක්ෂමාවටද (ඔබව) ආරාධනා කරන්නේය. මිනිසුන්ට -ඔවුන් සිතට (ගෙන) කටයුතු කරනු පිණිස- තමන්ගේ ආයාවන් (වැඩිදුරටත්) විවරණය කරන්නේය