Surah Al-Baqara Verse 222 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَيَسۡـَٔلُونَكَ عَنِ ٱلۡمَحِيضِۖ قُلۡ هُوَ أَذٗى فَٱعۡتَزِلُواْ ٱلنِّسَآءَ فِي ٱلۡمَحِيضِ وَلَا تَقۡرَبُوهُنَّ حَتَّىٰ يَطۡهُرۡنَۖ فَإِذَا تَطَهَّرۡنَ فَأۡتُوهُنَّ مِنۡ حَيۡثُ أَمَرَكُمُ ٱللَّهُۚ إِنَّ ٱللَّهَ يُحِبُّ ٱلتَّوَّـٰبِينَ وَيُحِبُّ ٱلۡمُتَطَهِّرِينَ
(නබියේ!) මාස් සුද්ධිය ගැනද ඔවුන් ඔබගෙන් විමසන්නාහ. ඔබ මෙසේ පවසනු (මැනව!): “එය (අපිරිසිදු) අබාධයකි. එබැවින් මාස් සුද්ධිය සමයෙහි කාන්තාවන්ගෙන් ඈත් වී, ඔවුන් පිරිසිදු වන තුරු ඔවුන්ට ළං නොවනු. ඔවුන් පිරිසිදු වී ගියහොත්, අල්ලාහ් ඔබට නියම කර ඇති අන්දමට ඔවුන් වෙත යනු. නියත වශයෙන්ම අල්ලාහ් (පාපයෙන් මිදී) පසුතැවිලි වී මිදෙන්නන්වද පරිශුද්ධවන්තයින්වද කැමති වන්නේය”