Surah Al-Baqara Verse 229 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraٱلطَّلَٰقُ مَرَّتَانِۖ فَإِمۡسَاكُۢ بِمَعۡرُوفٍ أَوۡ تَسۡرِيحُۢ بِإِحۡسَٰنٖۗ وَلَا يَحِلُّ لَكُمۡ أَن تَأۡخُذُواْ مِمَّآ ءَاتَيۡتُمُوهُنَّ شَيۡـًٔا إِلَّآ أَن يَخَافَآ أَلَّا يُقِيمَا حُدُودَ ٱللَّهِۖ فَإِنۡ خِفۡتُمۡ أَلَّا يُقِيمَا حُدُودَ ٱللَّهِ فَلَا جُنَاحَ عَلَيۡهِمَا فِيمَا ٱفۡتَدَتۡ بِهِۦۗ تِلۡكَ حُدُودُ ٱللَّهِ فَلَا تَعۡتَدُوهَاۚ وَمَن يَتَعَدَّ حُدُودَ ٱللَّهِ فَأُوْلَـٰٓئِكَ هُمُ ٱلظَّـٰلِمُونَ
(රජයී වන) මෙම තලාකය දෙආකාරයකි (යයි කිව හැකිය). පසුවද (ප්‍රමාද කාලය තුළ) නියම ආකාරයට වළක්වා (භාර්යයාවන් වශයෙන්) තබා ගත හැකිය. නැතහොත් (ඔවුන් කෙරෙහි කිසිම වරදක් නොපටවා) ස්තූතිපූර්වකව අත්හැර දැමිය හැකිය. තවද ඔබ ඔවුන්ට (වටිනා දැයක් වශයෙන් හෝ මහර් වශයෙන් හෝ) ලබා දුන් දැයෙන් කිසිවක් ඇරගැනීම ඔබට සුදුසු දැයක් නොව. (තවද දෙදෙනාම එකතු වී ජීවිකාව ගෙන යාමට ඉදිරිපත් වුවද) අල්ලාහ් නියම කර ඇති සීමාවන් වැඩි කල් ස්ථීර වී තිබීමට නොහැකි යයි ඔවුන් දෙදෙනාම බිය වන අවස්ථාවේදී (මෙයට පංචායත්වරුන් බවට පත් වූ අයවළුනි!) ඔබ ඇත්තෙන්ම එසේ) ඔවුන් දෙදෙනාම අල්ලාහ් ඇති කළ සීමාවන් තුළ වැඩිකල් ස්ථීරව සිටීමට නොහැකි යයි බිය වුවහොත් ඇය (ස්වාමිපුරුෂයාගෙන්) ලබා ගත් දැයෙන් යම් කිසිවක් (තමන්ව විවාහ බන්ධනයෙන් පහ කිරීමට) වන්දි වශයෙන් දීමෙහිද, (ඔහු එය බාර ගැනීමෙහිද), ඒ දෙදෙනා කෙරෙහිම වරදක් නැත. මේවා අල්ලාහ් විසින් නියම කරන ලද සීමාවන් වන්නේය. එබැවින් ඔබ මේවා කඩ නොකරනු. කවුරුන් හෝ අල්ලාහ්ගේ සීමාවන් කඩ කළහොත් නියත වශයෙන්ම ඔවුන්ම අපරාධකරුවන්ය