Surah Al-Baqara Verse 231 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذَا طَلَّقۡتُمُ ٱلنِّسَآءَ فَبَلَغۡنَ أَجَلَهُنَّ فَأَمۡسِكُوهُنَّ بِمَعۡرُوفٍ أَوۡ سَرِّحُوهُنَّ بِمَعۡرُوفٖۚ وَلَا تُمۡسِكُوهُنَّ ضِرَارٗا لِّتَعۡتَدُواْۚ وَمَن يَفۡعَلۡ ذَٰلِكَ فَقَدۡ ظَلَمَ نَفۡسَهُۥۚ وَلَا تَتَّخِذُوٓاْ ءَايَٰتِ ٱللَّهِ هُزُوٗاۚ وَٱذۡكُرُواْ نِعۡمَتَ ٱللَّهِ عَلَيۡكُمۡ وَمَآ أَنزَلَ عَلَيۡكُم مِّنَ ٱلۡكِتَٰبِ وَٱلۡحِكۡمَةِ يَعِظُكُم بِهِۦۚ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ بِكُلِّ شَيۡءٍ عَلِيمٞ
(ඔබගේ) භාර්යයාවන්ව ඔබ (රජයී වන) තලාක් පවසා ඔවුන් තම (ගැබ් ගැනීම දැන ගන්නා කාලය වන ඉද්දාවෙහි) ප්‍රමාද කාලයෙහි සිටියහොත් (එම ප්‍රමාද කාලය අවසන් වීමට පෙර) ඔවුන්ව නියමිත අන්දමට (භාර්යයන් වශයෙන්ම) රඳවා තබා ගනු. නැතහොත් (ඉද්දාවේ ප්‍රමාද කාලය අවසන් කරගෙන) නියමිත අන්දමින් (ඔවුන් නිදහස් වීමට) අත්හැර දමනු. නමුත් ඔබ අසාධාරණයේ වේදනා කිරීම සඳහා ඔවුන්ව වළක්වා නොතබනු. මේ අන්දමට කවුරුන් හෝ කළහොත් නියත වශයෙන්ම ඔහු තමන්ට තමන්ම හානියක් කර ගත්තෙකු වන්නේය. එබැවින් ඔබ අල්ලාහ්ගේ ආයාවන්, (ආයාවන්හි පවසන ලද කාරණාවන්) සමච්චලයට ලක් කර නොගනු. ඔබ කෙරෙහි අල්ලාහ් ලබා දී ඇති වරප්‍රසාදයන්ද, ඔබ කෙරෙහි ඔහු පහළ කරන ලද ධර්මයද, ඥානයද සිතා (පර්යේෂණය කර) බලනු. ඔහු මෙමගින් ඔබට ඔවදන් දෙන්නේය. අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල හොඳින් දන්නේය යන්නද ස්ථීර වශයෙන් දැන ගනු