Surah Al-Baqara Verse 233 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞وَٱلۡوَٰلِدَٰتُ يُرۡضِعۡنَ أَوۡلَٰدَهُنَّ حَوۡلَيۡنِ كَامِلَيۡنِۖ لِمَنۡ أَرَادَ أَن يُتِمَّ ٱلرَّضَاعَةَۚ وَعَلَى ٱلۡمَوۡلُودِ لَهُۥ رِزۡقُهُنَّ وَكِسۡوَتُهُنَّ بِٱلۡمَعۡرُوفِۚ لَا تُكَلَّفُ نَفۡسٌ إِلَّا وُسۡعَهَاۚ لَا تُضَآرَّ وَٰلِدَةُۢ بِوَلَدِهَا وَلَا مَوۡلُودٞ لَّهُۥ بِوَلَدِهِۦۚ وَعَلَى ٱلۡوَارِثِ مِثۡلُ ذَٰلِكَۗ فَإِنۡ أَرَادَا فِصَالًا عَن تَرَاضٖ مِّنۡهُمَا وَتَشَاوُرٖ فَلَا جُنَاحَ عَلَيۡهِمَاۗ وَإِنۡ أَرَدتُّمۡ أَن تَسۡتَرۡضِعُوٓاْ أَوۡلَٰدَكُمۡ فَلَا جُنَاحَ عَلَيۡكُمۡ إِذَا سَلَّمۡتُم مَّآ ءَاتَيۡتُم بِٱلۡمَعۡرُوفِۗ وَٱتَّقُواْ ٱللَّهَ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ بَصِيرٞ
කවුරුන් හෝ (තලාක් පවසන ලද භාර්යයාවන් වෙත තමන්ට ඉපදුනු ළදරුවන්ට තලාක් කියන ලද භාය්‍යයාවන් මගින්) කිරි දීම පූරණය කිරීමට කැමති වුවහොත් මව්වරුන් තමන්ගේ ළදරුවන්ට (ඒවා ඉපදුනු දා පටන්) අවුරුදු දෙකක් දක්වා පූරණ වශයෙන් කිරි දිය යුතුය. තවද (එම මව්වරුන් කිරි දෙන තෙක්) ඔවුන්ට ඇඳුම්ද, ආහාරද වේතනයක් වශයෙන් ලබා දීම, ළදරුවාගේ පියා කෙරෙහි අනිවාර්යය වන්නේය. කිසිම ආත්මයක් එහි ශක්තියට වඩා (කරන මෙන්) බල කරනු ලබන්නේ නැත. (එබැවින්) තම ළදරුවා වෙනුවෙන් (තමන්ට අවශ්‍ය ආහාර නොමැතිවම කිරි දෙන මෙන්) එහි මව හෝ නැතහොත් එයගේ පියාව හෝ වේදනා නොකළ යුතුය. තවද මෙසේම (ළදරුවාගේ පියා මරණයට පත් වුවහොත් එය පරිපාලනය කිරීම) උරුමක්කාරයින්ට අනිවාර්යය වන්නේය. (ළදරුවාගේ දෙමව්පියන්) දෙදෙනාම සාකච්ඡා කර, කැමති වී (ළදරුවාගේ) කිරි දීම (අවුරුදු දෙකක් තුළ) නතර කර දැමීම හෝ (නැතහොත් මවගෙන් ළදරුවා ඈත් කර දැමීම හෝ) අදහස් කළහොත් (එසේ කිරීමෙහි) ඒ දෙදෙනා කෙරෙහි වරදක් නැත. තවද ඔබ, ඔබගේ ළදරුවන්ට කිරිමව්වරුන්ගේ මාර්ගයෙන් කිරි දීමට අදහස් කර, ඔබ දිය යුතු දැය මුදල් වශයෙන් ලබා දුන්නහොත් (එසේ කිරි දීම) ඔබ කෙරෙහි වරදක් වන්නේ නැත. (මේවායෙහි) ඔබ අල්ලාහ්ට බිය වනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන්ම සිටින්නේය යන්න ස්ථීර වශයෙන් දැන ගනු