Surah Al-Baqara Verse 235 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَلَا جُنَاحَ عَلَيۡكُمۡ فِيمَا عَرَّضۡتُم بِهِۦ مِنۡ خِطۡبَةِ ٱلنِّسَآءِ أَوۡ أَكۡنَنتُمۡ فِيٓ أَنفُسِكُمۡۚ عَلِمَ ٱللَّهُ أَنَّكُمۡ سَتَذۡكُرُونَهُنَّ وَلَٰكِن لَّا تُوَاعِدُوهُنَّ سِرًّا إِلَّآ أَن تَقُولُواْ قَوۡلٗا مَّعۡرُوفٗاۚ وَلَا تَعۡزِمُواْ عُقۡدَةَ ٱلنِّكَاحِ حَتَّىٰ يَبۡلُغَ ٱلۡكِتَٰبُ أَجَلَهُۥۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ يَعۡلَمُ مَا فِيٓ أَنفُسِكُمۡ فَٱحۡذَرُوهُۚ وَٱعۡلَمُوٓاْ أَنَّ ٱللَّهَ غَفُورٌ حَلِيمٞ
(ඉද්දාවෙහි සිටින කිසිම කාන්තාවක් ඔබ විවාහ කර ගැනීමට අදහස් කළහොත්, ඔබ අතර) විවාහ කැමැත්ත ඔබ ගුප්ත ආකරයකට දැනුම් දීමෙන් හෝ නැතහොත් ඔබගේ සිතෙහි සඟවා තබා ගැනීමෙන් හෝ ඔබ කෙරෙහි වරදක් නැත. (මන්දයත් ඔබ, ඔබගේ අදහස ඉද්දා අවසන් වූ වහාම) ඔවුන් වෙත නියත වශයෙන්ම දැනුම් දෙන්නෙහි යන්න අල්ලාහ් හොඳින් දන්නේය. එබැවින් ඔබ ගෞරවණීය අන්දමින් (ගුප්ත ආකාරයට) පැවසීම මිස, (ඉද්දා සමයෙහි විවාහය ගැන) ඔවුන් සමග රහසින් පොරොන්දු ඇති කර නොගනු. තවද ඉද්දාවෙහි ප්‍රමාද කාලය අවසන් වීමට පෙර (ඇයව) විවාහ කර ගැනීමටද අදහස් නොකරනු. ඔබගේ මනසෙහි ඇති දැය නියත වශයෙන්ම අල්ලාහ් දන්නේය යන්න ඔබ ස්ථීර වශයෙන් දැනගෙන, ඔහුට බිය වනු. (මෙවැනි අදහස් වළක්වා ගතහොත්) නියත වශයෙන්ම අල්ලාහ් සමාව දෙන්නෙකු වශයෙන්ද, ඉවසිලිවන්තයෙකු වශයෙන්ද සිටින්නේය යන්න දැන ගනු