Surah Al-Baqara Verse 237 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِن طَلَّقۡتُمُوهُنَّ مِن قَبۡلِ أَن تَمَسُّوهُنَّ وَقَدۡ فَرَضۡتُمۡ لَهُنَّ فَرِيضَةٗ فَنِصۡفُ مَا فَرَضۡتُمۡ إِلَّآ أَن يَعۡفُونَ أَوۡ يَعۡفُوَاْ ٱلَّذِي بِيَدِهِۦ عُقۡدَةُ ٱلنِّكَاحِۚ وَأَن تَعۡفُوٓاْ أَقۡرَبُ لِلتَّقۡوَىٰۚ وَلَا تَنسَوُاْ ٱلۡفَضۡلَ بَيۡنَكُمۡۚ إِنَّ ٱللَّهَ بِمَا تَعۡمَلُونَ بَصِيرٌ
නමුත් ඔවුන්ගේ මහර් ඔබ සඳහන් කර, (විවාහ කරගෙන) තිබී, ඔවුන්ට ළං වීමට පෙරම තලාක් කීවේ නම්, කවුරුන් අත විවාහ බන්ධනය තිඛෙන්නේද, ඔහු (ස්වාමිපුරුෂයා) නැතහොත් ඇය (බිරිඳ) අත්හැර දැමුවහොත් මිස, ඔබ (මහර් වශයෙන්) සඳහන් කර තිබූ දැයෙන් අඩක් ඇත. එහෙත් ඔබ, (ඔබ තුළ) අතහැර සහයෝගය දීම භක්ති විශ්වාසයට ඉතාමත් සමීප වන්නේය. එබැවින් ඔබ තුළ පරෝපකාරී භාවය අමතක කර නොදමනු. නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කරන දැය අවධානයෙන් යුතුව බලන්නෙකු වශයෙන් සිටින්නේය