Surah Al-Baqara Verse 246 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraأَلَمۡ تَرَ إِلَى ٱلۡمَلَإِ مِنۢ بَنِيٓ إِسۡرَـٰٓءِيلَ مِنۢ بَعۡدِ مُوسَىٰٓ إِذۡ قَالُواْ لِنَبِيّٖ لَّهُمُ ٱبۡعَثۡ لَنَا مَلِكٗا نُّقَٰتِلۡ فِي سَبِيلِ ٱللَّهِۖ قَالَ هَلۡ عَسَيۡتُمۡ إِن كُتِبَ عَلَيۡكُمُ ٱلۡقِتَالُ أَلَّا تُقَٰتِلُواْۖ قَالُواْ وَمَا لَنَآ أَلَّا نُقَٰتِلَ فِي سَبِيلِ ٱللَّهِ وَقَدۡ أُخۡرِجۡنَا مِن دِيَٰرِنَا وَأَبۡنَآئِنَاۖ فَلَمَّا كُتِبَ عَلَيۡهِمُ ٱلۡقِتَالُ تَوَلَّوۡاْ إِلَّا قَلِيلٗا مِّنۡهُمۡۚ وَٱللَّهُ عَلِيمُۢ بِٱلظَّـٰلِمِينَ
(නබියේ!) මූසාගෙන් පසුව ඉස්රායීල්වරුන්ගේ පරම්පරා දරුවන්ගෙන් වූ ප්‍රධානීන්ව ඔබ අවධානය නොකළෙහිද? ඔවුන් “අල්ලාහ්ගේ මාර්ගයෙහි අපි යුද්ධ කිරීමට අපට (ප්‍රධානත්වය දැරීමට) එක් රජෙකු යවනු (මැනව!)” යයි තමන්ගේ නබි වෙත පැවසූ අවස්ථාවේදී, ඔහු “යුද්ධ කළ යුතුය යයි ඔබට නියම කරනු ලැබුවහොත්, ඔබ යුද්ධ නොකර (ඈත් වී) සිටින්නෙහුද?”යි විමසුවේය. (එයට) ඔවුන් “අපගේ ජනතාවද, අපගේ නිවෙස්ද, අත්හැර අපිව පිටමං කරනු ලැබ සිටියදී (අපව පිටමං කළ) ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි අපි යුද්ධ නොකර සිටීමට අපට කුමන (බාධාවක්ද)?”යි විමසූහ. නමුත් යුද්ධ කරන මෙන් නියෝග කරනු ලැබූ විට, ඔවුන්ගෙන් සමහරෙකු හැර, (අන් අය යුද්ධ නොකර) පසුබැස නැවතුනාහ. (මෙවැනි) අපරාධකරුවන්ව අල්ලාහ් හොඳින් දන්නේය