Surah Al-Baqara Verse 247 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَقَالَ لَهُمۡ نَبِيُّهُمۡ إِنَّ ٱللَّهَ قَدۡ بَعَثَ لَكُمۡ طَالُوتَ مَلِكٗاۚ قَالُوٓاْ أَنَّىٰ يَكُونُ لَهُ ٱلۡمُلۡكُ عَلَيۡنَا وَنَحۡنُ أَحَقُّ بِٱلۡمُلۡكِ مِنۡهُ وَلَمۡ يُؤۡتَ سَعَةٗ مِّنَ ٱلۡمَالِۚ قَالَ إِنَّ ٱللَّهَ ٱصۡطَفَىٰهُ عَلَيۡكُمۡ وَزَادَهُۥ بَسۡطَةٗ فِي ٱلۡعِلۡمِ وَٱلۡجِسۡمِۖ وَٱللَّهُ يُؤۡتِي مُلۡكَهُۥ مَن يَشَآءُۚ وَٱللَّهُ وَٰسِعٌ عَلِيمٞ
තවද ඔවුන්ගේ නබි ඔවුන්ට “නියත වශයෙන්ම අල්ලාහ් තාලුත්ව ඔබට රජෙකු වශයෙන් යවා ඇත්තේය” යයි පැවසීමට, ඔවුන් “අප කෙරෙහි ඔහුට කෙසේ නම් රාජ-උරුමය අත් වන්නේද? ඔහුට වඩා අපිම රජ කිරීමට ඉතාමත් සුදුස්සන් වන්නෙමු. (රජ කිරීමට අවශ්‍යය වූ) ඉමහත් ධනයද ඔහු අත් කර ගත්තේ නැත” යයි පැවසූහ. (එයට ඔවුන්ගේ නබි වන) ඔහු “නියත වශයෙන්ම අල්ලාහ් ඔබ කෙරෙහි (රජ කිරීමට) ඔහුව තෝරාගෙන ඇත්තේය. තවද (යුද) අධ්‍යාපනයෙහිද, දේහ (විශාලත්වයෙන්ද), ශක්තියෙන්ද, ඔබට වඩා ඔහුව වැඩි කර ඇත්තේය. අල්ලාහ් තමන් කැමැත්තන්ටම තම රාජ-උරුමය ලබා දෙන්නේය. අල්ලාහ් (දානමාන කිරීමෙහි) අති මහත්ය. (රජ කිරීමට සුදුස්සන්ව) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය” යයි කීවේය