Surah Al-Baqara Verse 251 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraفَهَزَمُوهُم بِإِذۡنِ ٱللَّهِ وَقَتَلَ دَاوُۥدُ جَالُوتَ وَءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ وَٱلۡحِكۡمَةَ وَعَلَّمَهُۥ مِمَّا يَشَآءُۗ وَلَوۡلَا دَفۡعُ ٱللَّهِ ٱلنَّاسَ بَعۡضَهُم بِبَعۡضٖ لَّفَسَدَتِ ٱلۡأَرۡضُ وَلَٰكِنَّ ٱللَّهَ ذُو فَضۡلٍ عَلَى ٱلۡعَٰلَمِينَ
එබැවින් ඔවුන් අල්ලාහ්ගේ උදව් උපකාරය මගින් ඔවුන්ව පරාජය කර දැමුහ. මෙහි (සතුරන්ගේ රජු වන) ජාලුත්ව (තාලුත්ගේ සේනාවෙහි සිටි) දාවූද් කපා දැමුවේය. පසුව ඔහුට අල්ලාහ් රාජ-උරුමයද ඥානයද ලබා දී (යුද සන්නාහ නිපදවීම වැනි) තමන් කැමති දෑ සියල්ල ඔහුට උගන්වා දුන්නේය. (මෙසේ) මිනිසුන්ගේ නපුර කරන සමහරෙකුව ඔවුන්ගෙන් සමහරෙකු මගින්ම අල්ලාහ් නොවැළැක්වුවහොත්, මෙම භූමිය අනිවාර්යයෙන්ම විනාශ වී ඇත. එහෙත් නියත වශයෙන්ම අල්ලාහ් සකල ලෝකවාසීන් කෙරෙහි ඉතාමත් කරුණාවන්තව සිටින්නේය