Surah Al-Baqara Verse 253 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqara۞تِلۡكَ ٱلرُّسُلُ فَضَّلۡنَا بَعۡضَهُمۡ عَلَىٰ بَعۡضٖۘ مِّنۡهُم مَّن كَلَّمَ ٱللَّهُۖ وَرَفَعَ بَعۡضَهُمۡ دَرَجَٰتٖۚ وَءَاتَيۡنَا عِيسَى ٱبۡنَ مَرۡيَمَ ٱلۡبَيِّنَٰتِ وَأَيَّدۡنَٰهُ بِرُوحِ ٱلۡقُدُسِۗ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلَ ٱلَّذِينَ مِنۢ بَعۡدِهِم مِّنۢ بَعۡدِ مَا جَآءَتۡهُمُ ٱلۡبَيِّنَٰتُ وَلَٰكِنِ ٱخۡتَلَفُواْ فَمِنۡهُم مَّنۡ ءَامَنَ وَمِنۡهُم مَّن كَفَرَۚ وَلَوۡ شَآءَ ٱللَّهُ مَا ٱقۡتَتَلُواْ وَلَٰكِنَّ ٱللَّهَ يَفۡعَلُ مَا يُرِيدُ
(අප විසින් එවන ලද) එම දූතයින් (සියල්ලන්ම එකම පදවියට අයත් අය නොව). ඔවුන්ගෙන් සමහරෙකුව, සමහරෙකුට වඩා අපි උසස් කර ඇත්තෙමු. ඔවුන්ගෙන් සමහරෙකු සමග අල්ලාහ් කතා කර ඇත්තේය. ඔවුන්ගෙන් සමහරෙකුව (සමහරෙකුට වඩා) පදවි වලින් උසස් කරද ඇත්තේය. තවද මර්යම්ගේ පුත් ඊසාට අපි පැහැදිලි සාධකයන් ලබා දී, (ජිබ්රීල් නමැති) ‘පරිශුද්ධ ආත්මය’ මගින් ඔහුට උදව් කළෙමු. (කෙනෙකුට කෙනෙකු සටන් කර, ඝාතනය නොකළ යුතුය යයි) අල්ලාහ් අදහස් කර තිබුණේ නම්, (අපි යවනු ලැබූ දූතයින් වන) ඔවුන්ගෙන් පසු පැමිණි අය, තමන් වෙත පැහැදිලි සාධකයන් පැමිණි පසුද (තමන් තුළ) සන්ඩු සරුවල් කර නොගන්නාහ. නමුත් ඔවුන් නම්, (තමන් තුළ) හිතුවක්කාර වී, ඔවුන්ගෙන් සමහරෙක් (අපවද, අපගේ ආයාවන්ද) විශ්වාස කළහ. ඔවුන්ගෙන් සමහරෙක් ප්‍රතික්ෂේප කර දැමූහ. එබැවින් අල්ලාහ් අදහස් කර තිබුණේ නම් (මෙසේ) ඔවුන් සණ්ඩු සරුවල් කර නොගන්නාහ. නමුත් අල්ලාහ් තමන් අදහස් කළ දැය කරන්නේය