Surah Al-Baqara Verse 258 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraأَلَمۡ تَرَ إِلَى ٱلَّذِي حَآجَّ إِبۡرَٰهِـۧمَ فِي رَبِّهِۦٓ أَنۡ ءَاتَىٰهُ ٱللَّهُ ٱلۡمُلۡكَ إِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّيَ ٱلَّذِي يُحۡيِۦ وَيُمِيتُ قَالَ أَنَا۠ أُحۡيِۦ وَأُمِيتُۖ قَالَ إِبۡرَٰهِـۧمُ فَإِنَّ ٱللَّهَ يَأۡتِي بِٱلشَّمۡسِ مِنَ ٱلۡمَشۡرِقِ فَأۡتِ بِهَا مِنَ ٱلۡمَغۡرِبِ فَبُهِتَ ٱلَّذِي كَفَرَۗ وَٱللَّهُ لَا يَهۡدِي ٱلۡقَوۡمَ ٱلظَّـٰلِمِينَ
(නබියේ!) ඔබ කෙනෙකුව අවධානය කළෙහිද? ඔහුට අල්ලාහ් රාජ්‍යය ලබා දීම නිසා ඔහු (ගර්විත වී) ඉබ්රාහීම් වෙත ඔහුගේ දෙවියන් ගැන තර්ක කළේය. ඒ අවස්ථාවේදී ඉබ්රාහීම් “කවුරුන් පණ දෙන්නටද, මරණයට පත් කරන්නටද සලස්වන්නේද ඔහුය, මගේ දෙවියන්” යයි පැවසීමට, ඔහු “මමද පණ දෙන්නෙමි. මරණයට පත් කිරීමද කරන්නෙමි” යයි පැවසුවේය. (එයට) ඉබ්රාහීම් “එසේ නම්, නියත වශයෙන්ම අල්ලාහ් සූර්යයා නැගෙනහිරින් උදා කරන්නේය. ඔබ එය බස්නාහිරෙන් උදා කරනු!” යයි පැවසුවේය. එබැවින් (අල්ලාහ්ව) ප්‍රතික්ෂේප කළ ඔහුගේ කට (කිසිම පිළිතුරක් දීමට නොහැකිව තිගැස්සී) වැසී ගියේය. අල්ලාහ් අපරාධකාර ජනතාවට (පිළිතුරු දීමට) මග පෙන්වන්නේ නැත