Surah Al-Baqara Verse 259 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraأَوۡ كَٱلَّذِي مَرَّ عَلَىٰ قَرۡيَةٖ وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا قَالَ أَنَّىٰ يُحۡيِۦ هَٰذِهِ ٱللَّهُ بَعۡدَ مَوۡتِهَاۖ فَأَمَاتَهُ ٱللَّهُ مِاْئَةَ عَامٖ ثُمَّ بَعَثَهُۥۖ قَالَ كَمۡ لَبِثۡتَۖ قَالَ لَبِثۡتُ يَوۡمًا أَوۡ بَعۡضَ يَوۡمٖۖ قَالَ بَل لَّبِثۡتَ مِاْئَةَ عَامٖ فَٱنظُرۡ إِلَىٰ طَعَامِكَ وَشَرَابِكَ لَمۡ يَتَسَنَّهۡۖ وَٱنظُرۡ إِلَىٰ حِمَارِكَ وَلِنَجۡعَلَكَ ءَايَةٗ لِّلنَّاسِۖ وَٱنظُرۡ إِلَى ٱلۡعِظَامِ كَيۡفَ نُنشِزُهَا ثُمَّ نَكۡسُوهَا لَحۡمٗاۚ فَلَمَّا تَبَيَّنَ لَهُۥ قَالَ أَعۡلَمُ أَنَّ ٱللَّهَ عَلَىٰ كُلِّ شَيۡءٖ قَدِيرٞ
නැතහොත් එක් ග්‍රාමයක් වෙත ගිය කෙනෙකු මෙන් කෙනෙකු, (නබියේ! ඔබ දැක තිබේද? ඔහු, එහි (විනාශ වී) ඇති (නිවෙස් වල) මුදුන් වහල සියල්ල කඩා වැටී (පාළුවට වී) තිඛෙණු (දැක) “මේ ගමේ (ජනතාව මේ අන්දමට විනාශ වී) මිය ගිය පසු අල්ලාහ් මෙය කෙසේ නම්, පණ දෙන්නේද?”යි විමසුවේය. එබැවින් (ඔහුගේ සැකය නිරාකරණය කිරීම පිණිස) අල්ලාහ් ඔහුව අවුරුදු සියයක් දක්වා මැරී සිටීමට සලස්වා, පසුව ඔහුට පණ දී (ඔහුගෙන් “මේ තත්වයෙහි) ඔබ කොපමණ කලක් සිටියෙහිද?”යි විමසූ විට, “දිනක් නැතහොත් එක දවසක සුළු කොටසක් සිටියෙමි”යි පැවසුවේය. (එයට ඔහු) “නොඑසේය! ඔබ අවුරුදු සියයක් (මෙම තත්වයෙහි) සිටියෙහිය. (මෙන්න!) ඔබගේ ආහාරයද, ඔබගේ පානයද බලනු. ඒවා (මේ දක්වා) නරක් වූයේ නැත. නමුත් ඔබගේ බූරුවා දෙස බලනු. (එය මැරී, දිරා පත් වී ඇට කටු බවට පත්ව ඇත). තවත් ඔබ (මෙන් සැක සිතන) මිනිසුන්ට එක් සාධකයක් බවට පත් කිරීම සඳහා (බූරුවාගේ) ඇට කටු දිහා බලනු. කෙසේ එම ඇට කටු, සැකිල්ලක් බවට පත් කර, ඒවා මත මස්, තැන්පත් කරන්නෙමුද”යි පවසා (ඒ ආකාරයටම පණ දී) පෙන්වූවේය. (මේ සියල්ල) ඔහු ඉදිරියේ පැහැදිලිව සිදු වූ අවස්ථාවේදී (ඔහු) “නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකු යන්න මා ස්ථීර වශයෙන් දැන ගත්තෙමි” යයි පැවසුවේය