Surah Al-Baqara Verse 260 - Sinhala Translation by Naseem Ismail And Masoor Maulana, Kaleel
Surah Al-Baqaraوَإِذۡ قَالَ إِبۡرَٰهِـۧمُ رَبِّ أَرِنِي كَيۡفَ تُحۡيِ ٱلۡمَوۡتَىٰۖ قَالَ أَوَلَمۡ تُؤۡمِنۖ قَالَ بَلَىٰ وَلَٰكِن لِّيَطۡمَئِنَّ قَلۡبِيۖ قَالَ فَخُذۡ أَرۡبَعَةٗ مِّنَ ٱلطَّيۡرِ فَصُرۡهُنَّ إِلَيۡكَ ثُمَّ ٱجۡعَلۡ عَلَىٰ كُلِّ جَبَلٖ مِّنۡهُنَّ جُزۡءٗا ثُمَّ ٱدۡعُهُنَّ يَأۡتِينَكَ سَعۡيٗاۚ وَٱعۡلَمۡ أَنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٞ
තවද ඉබ්රාහීම් (දෙවියන් වහන්සේට) “මගේ දෙවියනේ! මිය ගිය අයව ඔබ කෙසේ පණ දෙන්නෙහිද? (එය) ඔබ මට පෙන්වනු (මැනව!)” යයි පැවසූ අවස්ථවේදී, ඔහු “(මෙය) ඔබ විශ්වාස කළේ නැද්ද?”යි විමසුවේය. (එයට) “ඇත්තය. (මා විශ්වාස කරගෙනම සිටින්නෙමි). එහෙත් (එය මගේ දෑසින් දැක) මගේ සිත තෘප්තියට පත්වීම පිණිස, (එය පෙන්වනු මැනව!)” යයි ඔහු පැවසුවේය. (එයට ඔහු) “පක්ෂීන් හතර දෙනෙකු අල්ලා ඔබ ඔවුන්ව පුහුණු කර, පසුව (ඒවා කෑලි කෑලිවලට කපා) ඒවායෙන් එක් එක් කොටස සෑම කන්දක් මතම තැබීමෙන් අනතුරුව (මැද සිටගෙන) ඒවාට අඞගසනු. ඒවා ඔබ වෙත පියාසර කර විත් සේන්දු වනු ඇත” (යයි පවසා, ඒ අන්දමට සිදු කර පෙන්වා) “නියත වශයෙන්ම අල්ලාහ් බලසම්පන්නව හා තියුණු බුද්ධියෙන් යුත්තෙකු වශයෙන් සිටින්නේය යන්නද ඔබ ස්ථීර වශයෙන් දැන ගනු” යයි කීවේය